බස්රථයක් පාලනයෙන් ගිලිහෙයි – පුද්ගලයින් 4ක් මරුට

320

මුම්බායි හි භන්ඩුප් ප්‍රදේශයේදී බස්රථයක් පාලනයෙන් ගිලිහීයාම හේතුවෙන් අනතුරක් සිදු වී තිබේ.

ඊයේ (29) රාත්‍රි 10ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු මරණයට පත්ව 9 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව සඳහන් වෙයි.

මුම්බායි හි රටේ විශාලතම පොදු බස්රථ සමූහය වන ‘BEST’ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් මියගිය අයගේ පවුල්වලට ඉන්දියන් රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍ය ආධාර ලබා දෙන බව එරට මහා ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් නිවේදනයක් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *