BREAKING NEWS
Search

අවුරුද්දේ මුල් කාලයේදීම 1,800ක් රෝහලට… මොකක්ද මේ ලංකාව පුරා පැතිරෙන අලුත්ම ලෙඩේ?

232
ලංකාවේ සෞඛ්‍ය අංශවලින් දැන් අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, මාරාන්තික ‘මී උණ’ රෝගය ගැන.
මේ අවුරුද්දේ ගෙවුණු කෙටි කාලය ඇතුළත විතරක් රෝගීන් 1,800ක් වාර්තා වෙලා තියෙනවා කියන පුවත ඇහුවම ඇඟ කිලිපොලා යනවා නේද?

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තමයි මේ සංඛ්‍යාලේඛන හෙළි කළේ.

වැසි කාලයත් එක්ක කුඹුරු වැඩ කරන අය විතරක් නෙවෙයි, ගෙවතු වගා කරන අය සහ අපිරිසිදු වතුර රැඳුණු තැන්වල ගැවසෙන ඕනෑම කෙනෙක් මේ රෝගයේ ගොදුරක් වෙන්න පුළුවන්. වෛද්‍යවරු කියන්නේ රෝගය හැදුණොත් තත්ත්වය බරපතල වෙන්න කලින් වහාම ප්‍රතිකාරවලට යොමු වෙන්න කියලයි.

ඔබත් කුඹුරු, වගා බිම් හෝ මඩ සහිත ස්ථානවල වැඩ කරන අයෙක් නම්, අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. පොඩි උණක් කියලා නොසලකා හරින්න එපා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *