BREAKING NEWS
Search

එක් මනාලියක්.. මනාලයන් දෙදෙනෙක්.. පෙම්වතා සහ ඔහුගේ හොඳම මිතුරා සමඟ එකම දිනකදී විවාහ වුණු ඇය ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

126
මේ විවාහය ගැන මේ තරම් බොහෝ දෙනා කතා වෙන්නේ ඇයි..?

සමාජමාධ්‍යවල මේ වනවිට සුලබව සැරිසරන ඒ කතාව ගැනයි මේ ඔබට කියන්න යන්නේ..

සාම්ප්‍රදායික විවාහ ලෝකයට අලුත් අත්දැකීමක් එක් කරමින් තායිලන්තයේ කාන්තාවක් සිය පෙම්වතා සහ ඔහුගේ හොඳම මිතුරා සමඟ එකම දිනකදී විවාහ වීමේ පුවතක් මේ වන විට මුළු ලොවෙහිම අවධානය දිනාගන්නට සමත් පුවතක් වෙලා තියනවා.

37 හැවිරිදි දුජ්දුවාන් කෙත්සාරෝ (Dujduan Ketsaro) නම් මෙම කාන්තාව විවාහ වී ඇත්තේ ඔස්ට්‍රියානු ජාතිකයන් දෙදෙනෙකු සමඟයි.

මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මනාලයන් දෙදෙනා එකිනෙකාගේ සමීපතම මිතුරන් වීමයි.

වසර පහක කාලයක් ඇය සමඟ ජීවත් වූ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන රෝමන් (Roman) සහ ඔහුගේ සමීපතම මිතුරා වූ මැකී (Mackey) නම් පොලිස් නිලධාරියා මෙලෙස ඇය සමඟ විවාහ ගිවිසගෙන ඇති අතර, රෝමන් සමඟ ඇය ජීවත් වන කාලය තුළ මැකී තුළ ද ඇය කෙරෙහි ආදරයක් හටගෙන ඇති අතර, පසුව ඔවුන් තිදෙනාම විවෘතව මේ පිළිබඳව සාකච්ඡා කර මෙම අසාමාන්‍ය තීරණයට එළඹ තිබෙනවා.

දුජ්දුවාන්ගේ 61 හැවිරිදි මව ද මෙම විවාහයට සිය ආශිර්වාදය ලබා දී ඇති අතර, ඇය පවසන්නේ තම දියණිය වසර ගණනාවක් විඳි පීඩාවන් තමා දුටු බවත්, දැන් ඇය සතුටින් සිටීම තමාට වැදගත් බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *