BREAKING NEWS
Search

කපා කොටා ඝාතනය කළ සිරුර ත්‍රීරෝද රථයක් තුළ තිබී සොයාගනී

197

කැපුම් තුවාල සහ පහරදීම් සිදුකර ඝාතනය කර ඇතැයි සැකකෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක් මොරටුව ගාලු පාර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක තිබී සොයාගෙන තිබේ.

ගාලු පාරේ, කුරුස හන්දියේ සිට මොරටුව දෙසට වන්නට ඇති වීර පුරන්නපු විදුහල ඉදිරිපිට මාර්ගය පසෙක නවතා තිබී ඇති මෙම ත්‍රීරෝද රථයේ පිටුපස අසුන යට තිබී මළ සිරුර සොයාගෙන ඇත.

එලෙස ඝාතනය වී ඇත්තේ, 34 හැවිරිදි මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මොහුට විරුද්ධව නඩු කිහිපයක් පවතින අතර, එක් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට දින 21කට පසු නිවසට පැමිණි අයෙකු වේ.

මළ සිරුර තිබූ ස්ථානය ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කිරීම සිදුකළ අතර මොරටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකළේය.

දේහය පානදුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

මොරටුව පොලීසිය සහ මොරටුමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *