ඉරානයේ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ පුත් මොජ්ටාබා කමේනි, සිය පියාගෙන් පසු ඉරානයේ මීළඟ නායකයා වීමට වැඩිම ඉඩකඩක් ඇති අපේක්ෂකයා බව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත්පත වාර්තා කරනවා.
කෙසේ වෙතත්, ඉරාන විපක්ෂයට හිතවාදී මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇත්තේ, ඔහු දැනටමත් එම ධුරය සඳහා තේරී පත් වී අවසන් බවයි.



















