ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමග පැවැති හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ, “ස්පාඤ්ඤය ඉතාමත් නරක ලෙස කටයුතු කර ඇති” බවයි.
ස්පාඤ්ඤය සමග පවතින “සියලුම ගනුදෙනු නතර කරන ලෙස” තමා මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ට (Scott Bessent) දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
දකුණු ස්පාඤ්ඤයේ රොටා (Rota) සහ මොරොන් (Moron) හමුදා කඳවුරු ඉරානයට පහර දීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බව එරට සමාජවාදී නායකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු, අමෙරිකාව විසින් ඉන්ධන පිරවුම් ටැංකි ඇතුළු ගුවන් යානා 15ක් එම කඳවුරුවලින් ඉවත් කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සියලුම නේටෝ සාමාජිකයින් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ යුතු බවට අමෙකාව කළ ඉල්ලීම ස්පාඤ්ඤය නොසලකා හැරීම පිළිබඳවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබෙනවා.
“ස්පාඤ්ඤයට අදාළ සියලුම ව්‍යාපාර නතර කිරීමට මට අයිතියක් තිබෙනවා. සම්බාධක පැනවීම හෝ මට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පුළුවන්. අපි ස්පාඤ්ඤය සම්බන්ධයෙන් එය සිදු කිරීමට ඉඩ තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසුවා.




















