BREAKING NEWS
Search

හිටපු ජනපතිලා කෝටි ගණන් වැය කල රට සවාරි ලයිස්තුව එලියට

21

හිටපු ජනාධිපතිවරුන්  විදේශ සංචාර සඳහා වැය කළ මුදල්  ලැයිස්තුව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය  මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවට අද  (03)  ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපතිවරුන් විදේශ විනිමය කාබාසිනියා  කළ බවද ඔහු සඳහන් කළේය. ජයසිංහ මහතා  මෙසේ පැවසුවේ විදේශ විනිමය පනතේ යටතේ නියමය පිළිබඳ විවාදයේදීය.

මහින්ද ජයසිංහ මහතා මෙසේද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා  2010-2015 කාලයේදී  විදේශ සංචාර සඳහා වැය කරපු මුදල රුපියල් කෝටි 357ක්. මෛත්‍රිපාල සිරිසේන 2015- 2019 කාලයේදී වැය කළ මුදල කෝටි 38ක්. ගෝඨාභය රාජපක්ෂ 2020- 2022 කාලයේදී දොළොස් කෝටි හැට ලක්ෂයක්.    අනුර කුමාර දිසානායක  විදෙස් සංචාර හතයි. වැය කළ මුදල එක් කෝටි හතළිස් නව ලක්ෂයක් . රනිල් වික්‍රමසිංහ මහතා   සංචාර 16යි.    කෝටි පනස් තුනයි. මේ විදියටයි විදෙස් විනිමය කාබාසිනියා කළේ. අපි දැන්  ගේන විදේශ විනිමය සාර්ථක ලෙස ආයෝජනය කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *