ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙවර මහා මැතිවරණය සඳහා තරඟ නොකරන බව වාර්තා වෙයි.
ඒ අනුව ඔහු එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබේ. මෙයට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු හම්බන්තොටින් නොව කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ ඡන්ද 342 781ක් ලබමින් සිව්වන ස්ථානයටපත්විය. එය සමස්ත ඡන්දවලින් 2.57%ක ප්‍රමාණයකි.
වෙනත් පුවත්
හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලු
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පොරොන්දු වුහ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් විදේශ ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මෝෂම කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.
වැඩබලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දිලීප් නවාස්, සහ ජනක් ද සිල්වා යන මහත්මමහත්මීන් ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මෝසම සලකා බැලීණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනුජය ද සිල්වා මහතා කරුණු දක්වමින් කැබිනට් මණ්ඩල තීරණයකට අනුව වගඋත්තරකාර සුරාබදුන් කොමසාරිස් ජනරාල්වරයා අදාළ තනතුරෙන් මේ වන විට ඉවත් කර ඇතැයි කීය.




















