Latest Articles
Search

ඔසප් දින පහසු කරන Menstrual Cup ගැන දැනගනිමු

757

ඔසප්වීම කියන මාසික සංසිද්ධියට මුහුණදෙන කාන්තාවෝ හැමදෙනෙක්ම දන්න කාරණාවක් තමයි ඔසප් දින කියල කියන්නෙ මාසෙ අනිත් දවස්වලට වඩා හරිම අපහසුවෙන් ගෙවන්න සිද්ධ වෙන, එදිනෙදා ක්රියාකාරකම් වලට බාධා ඇතිකරන, වේදනාකාරී දවස් කිහිපයක් කියන එක. මේ දවස් වලට ඇතිවෙන මේ ගැටළු වලින් වැඩි හරියකට විසඳුමක් ලැබෙන සනීපාරක්ෂක මෙවලමක් ගැනයි මේ කියන්න යන්නෙ. ඉතින් කියවලා බලලා, අදහසක් අරගෙන මේ menstrual cup කියන සනීපාරක්ෂක මෙවලමේ පහසුව විඳින්න කියල තමයි ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ.

Advertisement

මොකක්ද මේ menstrual cup කියන්නෙ?

Advertisement

Menstrual Cup කියල කියන්නෙ සිලිකන් හෝ ලේටෙක්ස් රබර් වලින් නිෂ්පාදන කෙරෙන කුඩා, නම්යශීලී කප් එකක්. ඒ කිව්වේ කෝප්පයක් වගේ එකක්. කලිනුත් කිව්ව වගේ මේක සනීපාරක්ෂක මෙවලමක්. ඒ කියන්නෙ ඔසප් දින වලදී ඔසප් රුධිරය පිටතට ගලාඒම වළක්වන්න භාවිතා කරන උපාංගයක්. හැබැයි සනීපාරක්ෂක තුවා එහෙමත් නැත්තම් Pads හෝ Tampons වගේ රුධිරය උරාගැනීමක් නෙමෙයි මේ කප් එකේදී සිදුවෙන්නෙ. කප් එක මඟින් රුධිරය එකතු කිරීමක් තමයි සිද්ධ වෙන්නෙ. ඔසප් දිනවලදී මේ නම්යශීලි කුඩා කප් එක යෝනි මාර්ගය තුළට ඇතුළත් කරලා ගලායන රුධිරය මගින් අවහිර කරලා එකතු කරගැනීමක් තමයි මේකෙදි සිදුවෙන්නෙ. මේ Menstrual Cup කියන්නෙ ඇමරිකාවේදී පේටන්ට් බලපත්රය ලබාගත්ත නිෂ්පාදනයක්.

Advertisement

භාවිතා කරන්න පුළුවන් කාටද?

Advertisement

මේක ලංකාවේ අපි අතරනම් ඒ තරම්ම ජනප්රිය, කතා බහට ලක්වෙන නිෂ්පාදනයක් නොවුනට යුරෝපා රටවලනම් ඉතාම ජනප්රිය නිෂ්පාදනයක්. ඒ මේ නිෂ්පාදනයේ පහසුව සහ අනෙකුත් වාසි නිසාමයි. ඉතින් සරලව කිව්වොත්නම් මේ Menstrual Cup කියන නිෂ්පාදනය ඔසප්වීම සිදුවෙන වයසේ ඉන්න ඕනෑම කාන්තාවකට සනීපාරක්ෂක මෙවලමක් විදිහට භාවිතා කරන්න පුළුවන්.

Advertisement

හැබැයි මෙන්න මෙහෙමයි. විද්යාත්මකව අපි එහෙම කිව්වට ලංකාවේ සංස්කෘතිය අනුව මේක ටිකක් වෙනස් වෙනවා. අපි කලිනුත් පැහැදිලි කළානෙ මේ උපාංගය යෝනි මාර්ගය තුළට ඇතුළත් කරලා රුධිරය එකතු කරන ක්රමයක් කියලා. ඉතින් මේ බාහිර උපාංගය යෝනි මාර්ගයට ඇතුළත් කිරීම නිසා කෙනෙකුගේ Hymen එක එහෙමත් නැත්තම් අපි කන්යා පටලය කියලා හඳුන්වන ඉතා සියුම් සමට හානිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ කන්යා පටලය කැඩෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ කන්යා භාවය අහිමිවෙනවා කියන එක. මොකද කන්යා භාවය කියල කියන්නෙ මීට කලින් ලිංගික සංසර්ගයක නිරත වෙලා නැහැ කියන එකයි. මේ කප් එක ඇතුළත් කිරීම පැහැදිළිවම ලිංගික ක්රියාවක් නෙමෙයි. හැබැයි ඉතින් ලංකාවේ සම්ප්රදාය අනුව අපි කන්යාභාවය මනින්නෙ මේ කන්යා පටලයෙන් නිසා අවිවාහක හෝ ලිංගිකව සක්රීය නොවන, එහෙමත් නැත්තම් කන්යා පටලය ගැන වදවෙන තරුණියන් මේ නිෂ්පාදනය භාවිතා නොකර ඉන්න එක තමයි හොඳ.

Advertisement

මිල ගණන් සහ මිලදී ගන්න තැන්

Advertisement

සාමාන්යයෙන් වයස අවුරුදු 12දි වැඩිවියට පත්වෙන ගැහැණු දරුවෙක් වයස අවුරුදු 45දි ආර්ථවහරණයට ලක්වෙනවා කියල අපි හිතුවොත් දළ වශයෙන් අඩුම රුපියල් 150,000 ආසන්න මුදලක් ඒ අවුරුදු 33ක කාලය පුරාවට මේ සනීපාරක්ෂක තුවා වලට වියදම් කරන්න සිද්ධවෙනවා. මේ දැනට පවතින අඩුම මිල අනුව. Tampons භාවිතා කරනවානම් ඒ වගේ දෙතුන් ගුණයක් වැඩි වියදමක්. හැබැයි හොඳ තත්ත්වයේ Menstrual Cup එකක මිල වෙන්නෙ සාමාන්යයෙන් රු. 2000 – 4000 අතර මිලක්. මේ එක කප් එකක් අවුරුදු 10ක් වගේ දිග කාලයක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 30කටම රු. 10,000ක විතර වියදමක් තමයි යන්නෙ.

Advertisement

මිලදී ගන්න තැන් කිව්වොත් දැනට ලංකාවේ තියෙන ප්රසිද්ධම Menstrual Cup වර්ග දෙක තමයි ඉන්දියානු Boondh Cup සහ Kiseki Cup කියන වර්ග දෙක. Ebay, Ali Express, Daraz.lk, Desertcart.lk වගේ වෙබ් අඩවි වලින් ඉතාම අඩු මිලකට ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්.

Advertisement

Menstrual Cup එකක් භාවිතා කිරීමේ වාසි

Advertisement

Menstrual Cup එකක් භාවිතා කිරීමේ වාසිනම් එමටයි.

Advertisement
  • ඉතාම පහසු මිල.
  • පරිසර හිතකාමී බව. සනීපාරක්ෂක තුවා වගේ විනාශ කිරීමේ ගැටළු ඇතිවෙන්නෙ නැහැ වගේම පරිසර හානියක් වෙන්නෙත් නැහැ.
  • ගමන් බිමන් යාමේදී රැගෙන යාමේ පහසුව.
  • පැය 10 – 12 දක්වා එක දිගට භාවිතා කළ හැකිවීම.
  • ඔසප් දිනවලදීද පිහිනීම, දිවීම වැනි ඕනෑම එදිනෙදා ක්රියාකාරකමක් සිදුකළ හැකිවීම.
  • සනීපාරක්ෂක තුවා ඇඳ සිටීමේදී ඇතිවෙන කිසිඳු අපහසුතාවයක් නොදැනීම.
  • රාත්රී කාලයේ සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් ඇඳීමේ ගැටළු සහ රාත්රියට නිදන ඉරියව් අනුව රුධ්රය කාන්දුවීම සිදු නොවීම.
  • සුව නින්දක් ලබාගන්න පුළුවන් වෙනදා වගේම.
  • අනවශ්ය දුගඳ වහනය නොමැතිවීම.
  • කොටින්ම උදරයේ වේදනාව හැරුණුකොට අනිත් දවස් වගේම මේ ඔසප් දින ගත කරන්න පුළුවන්.

Menstrual Cup එකක් භාවිතා කිරීමේ අවාසි

Advertisement

මේ කප් එක භාවිතයේ අවාසි ගැන කිව්වොත්

Advertisement
  • නිවැරදිම කප් සයිස් එක හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඔබේ වයස, ඔසප් රුධිරය පිටවන ප්රමාණය, දරු ප්රසූතියෙන් පසු ඇතිවෙන වෙනස්කම් වගේ කාරණා වලට ගැලපෙන විදිහ සයිස්.
  • ඇතුළත් කිරිමේදී හා ඉවත් කිරිමේදී ඇතිවෙන සුළු වේදනාව.
  • ලූප් පැළඳ ඇතිවිට භාවිතා කළ නොහැකි වීම.
  • නිවසින් පිට ස්ථානයකදී මාරු කිරීමේ පහසුකම් නොමැතිවීම.

භාවිතා කරන ආකාරය

Advertisement

Menstrual Cup කියන්නෙ කලිනුත් කිව්වා වගේ යෝනි මාර්ගයට ඇතුළත් කරන කුඩා කප් එකක්. මුලින්ම අත් හොඳින් පිරිසිඳු කරගන්න ඕන. ඊළඟට උණු වතුරෙන් තම්බා ගත් කප් එක ඇතුළත් කරන්නයි ඕන. මේ කප් එක පහසුවෙන් ඇතුළත් කරන්න විවිධ නැමුම් ක්රම තියෙනවා. මේ විදිහට පහසු ක්රමයක් තෝරාගෙන නමාගත්ත කප් එක යෝනි මාර්ගයට ඇතුළත් කරන්න ඕන. ඇතුළත් කරලා නියමිත තැනට ගියාට පස්සේ කප් එක ඉබේම දිග ඇරෙනවා. එතන ඉඳලා කප් එකට. රුධිරය එකතු වෙනවා. යෝනි මාර්ගයේ විවරය ලඟින් කප් එකේ අගිස්ස අතට අහුවෙන ප්රමාණයට තමයි කප් එක ඇතුළත් කරන්න ඕන.
පැය 10ක් වගේ කාලෙකට පස්සේ ඉවත් කිරීමේදීත් කප් එක එලියට අරගෙන රුධිරය ඉවත් කරලා, හොඳින් පිරිසිඳු කරලා නැවත ඇතුළත් කරන්න කලින් උණු වතුරෙන් තම්බාගෙන ඇතුළත් කරගන්න ඕන.

Advertisement

Menstural Cup ගැන මිත්යා මත

Advertisement
  • Menstrual Cup එකක් පැළඳ සිටින විට සාමාන්ය පරිදි මුත්රා හෝ මළපහ කරන්නට බැහැ – සාමාන්ය විදිහටම මේ කාරණා දෙකම කරන්න පුළුවන්.
  • Menstrual Cup එක යෝනි මාර්ගයේ නොරැදී ඇඟ ඇතුළට යන්න පුළුවන් – කිසිසේත්ම නැහැ. යෝනි මාර්ගය ඇතුලත හම සංකෝචනය වෙලා කප් එක අවශ්ය තැන රඳවා ගන්නවා.
  • Menstrual Cup එකක් පැළඳ නින්දට යන්නට බැහැ – හපොයි පුළුවන්. වෙනදාටත් වඩා සතුටෙන් පහසුවෙන් නිදාගන්න පුළුවන්.
  • Menstrual Cup එක පැළඳ සිටීම අපහසුයි – කිසිසේත්ම නැහැ. කොටින්ම Menstrual Cup එකක් දාගෙන ඉන්නවා කියන එක විතරක් නෙමෙයි, ඔසප් දිනයක් කියන එකත් ටිකක් වෙලා යද්දි අමතක වෙනවා.
  • Menstrual Cup නිසා Toxic Shock Syndrome ඇතිවෙන්න පුළුවන් – Toxic Shock Syndrome කියන්නෙ යෝනි මාර්ගය ආශ්රිත බැක්ටීරියා අසාදන තත්ත්වයක් නිසා ඇතිවෙන්න පුළුවන් ටිකක් බරපතල තත්ත්වයක්. නමුත් Menstrual Cup නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන් කියන්නෙ මිත්යාවක්.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *