Latest Articles
Search

සාමාන්ය දරු ප්රසූතියක් සඳහා සූදානම් වන මව්වරුන් අනිවාර්යෙන්ම දැනසිටිය යුතු දේවල්

760

සාමාන්ය දරු ප්රසූතියකදී දරුවාගේ හිසට සිදුවන අනතුරු දායක තත්ත්වයන් හෙවත් caput තත්ත්වය පිලිබදව මේ ලිපියෙන් අපි කතා කරමු

Advertisement

මෙම තත්වය ඇති වනුයේ සාමාන්ය දරු ප්රසූතියකදී හෝ අඩු භාවිතයේදී මවගේ යෝනි මාර්ගය හරහා දරුවා පැමිණීමේදී අධික තෙරපීමකට ලක් වීම නිසයි.මව විසින් අනවශ්ය මොහොතේදී කරනු ලබන තෙරපීම හා වේදනාව දරා ගැනීමට නොහැකිව ඉක්මනින් ප්රසූතිය සිදු කිරීමට ගනු ලබන උත්සාහය නිසා සහ අඩු භාවිතය නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

Advertisement

caput තත්ත්වයේදී දරුවාගේ හිස් කබලෙහි ඉදිමුණු ස්වභාවයක් සහ ගෙඩි ගැසුණු ආකාරයක් දකින්න ලැබෙනවා. ප්රසූතියෙන් පසු ඉක්මණින්ම මේ තත්ත්වය දැකගන්න පුළුවන්. මෙය සාමාන්ය ප්රසූත තත්ත්වයේදී බොහෝ සාමාන්ය තත්වයක් වන අතර දරුවාගේ මොළයට හෝ හිස් කබලට කිසිදු හානිකර තත්ත්වයක් ඇති වී නැත.නමුත් දරුවාගේ හිසෙහි බාහිර පෙනුම තැතිගන්වන සුළු හිසකි.එම නිසා බොහෝ මව්වරුන් අධික බියට හා කම්පනයට පත්වනවා .අලුත උපන් බිළින්දාගේ ඔළුවේ හැඩය වෙනස්වීම සහ පසුපසට දික්වූ ස්වභාවයක් නිසා මව්වරුන් වේදනාවට පත්වෙනවා.මෙම තත්ත්වය දරුවාට වේදනාකාරී තත්ත්වයකි.නමුත් දින කිහිපයකදී සති දෙකත් හයත් අතර කාලයේදී මෙය සාමාන්ය තත්ත්වයට පත්වේ.ඉතා සෙමෙන් මෙම ගෙඩි ගැසුණු ආකාරය අඩුවේ.ඉදිමීම හිස් කබලට පමණක් සීමා වන අතර මෙය දරුවාගේ මොළයේ වර්ධනයට, ක්රියාකාරිත්වයට හෝ අනාගතයට අහිතකර බලපෑමක් ඇති වන්නේ නැත.

Advertisement

මේ සඳහා ප්රතිකාර අවශ්ය වන්නේ නැත.නමුත් මෙවැනි තත්ත්වයන් ඇති වූ දරුවන්ගේ SBR හෙවත් Serum Bilirubin (බිලිරුබින්) නමැති සංඝටකය ඉහළ යා හැකියි.එනම් සාමාන්ය ව්යවහාරයේ එන බබා කහ වීමේ තත්වය ඇතිවිය හැක.එම නිසා බබා කහ වේ දැයි යන්න පිළිබඳව මව දැඩි අවධානයෙන් සිටිය යුතුයි.දරුවාගේ ඇස්වල , මුහුණේ හෝ සමෙහි කහ පැහැති ස්වභාවයක් දිස් වේ නම් ඉක්මනින් වෛද්ය උපදෙස් ගත යුතුය.

Advertisement

එසේම ඉදිමීමට හේතුවූ තරලය ඉවත් කිරීමට උත්සාහ කිරීම නොකළ යුතුය.එසේ වුවහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන අතර ආසාදනය ඇති කරයි.
අම්මා වරුන් දැනුවත්විය යුත්තේ ලේබර් රූම් එකට ගිය පසු එම ගිය මොහොතේ පටන්ම දරුවා බිහිකිරීම සඳහා තැටමීම සිදු නොකළ යුතුය.අවශ්ය වේලාව ලේබර් රූම් එකෙහි සෞඛ්ය කාර්ය මණ්ඩලයේ නිසි උපදෙස් පරිදි පමණක් තැටමීම සිදු කළ යුතුයි.එසේ නොමැති අවස්ථාවලදී ඉහත ගැටලුකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.

Advertisement

සියලුම අම්මා වරුන් හට නිරෝගී වාසනාවන්ත දරුවන් බිහි කිරීමට වාසනාව හා ශක්තිය ධෛර්යය ප්‍රර්ථනා කරනවා.

Advertisement

එම්.කේ.එස් නිලිමිණි
හෙද නිලධාරීනී
මහමෝදර ශික්ෂණ රෝහල
ගාල්ල.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *