BREAKING NEWS
Search

උසස් පෙළ සිසුවා මුහුදේ සැඟ වේ

90

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ගණිත අංශයෙන් අපොස උසස් පෙල හදාරන පාසල් සිසුවකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී ලිනාෂ් දෙව්මික නමැති 17 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය සදහන් කරයි .

අතුරුදන් පාසල් සිසුවා තවත් මිතුරන් තිදෙනෙකු සමග අද පස්වරුවේ කළුතර කටුකුරුන්ද මුහුදේ විනෝදයට දියනාමින් සිට ඇති බවත් , ඔහු එක්වරම රළ පහරට හසුව ගහගෙන ගොස් ඇති බවද සදහන්වේ.

අතුරුදන් පාසල් සිසුවා සොයා ප්‍රදේශවාසීන් මුහුදේ නිරීක්ෂණය කරන අයුරු දැකගත හැකිවිය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *