BREAKING NEWS
Search

විශ්‍රාමික ගුවන් නියමුවෙක් නොසිතූ ලෙස අවසන් ගමන් යයි.. අබිරහසක් ඉතුරු කරමින් මියගිය ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

28
මේ කියන්න යන්නේ අද දවසේ ඇසුණු ඔහුගේ මරණය ගැන තවත් විශේෂ පුවතක්..
මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ ලඟුම්හලක කාමරයක් තුළ මිය‍ගොස් සිටියදී සොයාගත් ජර්මන් ජාතික විශ්‍රාමික ගුවන් නියමුවෙකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ අද (28) පොලිසියට නියෝග කළා.

මරණය සිදුව තිබූ ඒත්තුකාල, සාන්ත සෙබස්තියන් පෙදෙසේ පිහිටි පුද්ගලික ලැඟුම්හලට පැමිණි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහි ස්ථානීය පරීක්ෂාවක් සිදු කළා.

එහිදී මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝග කෙරුණේ, මෘත දේහය මීගමුව මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයි.එම්. තිබ්බටුවාව ද එහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලාඩි අක්මඩ් ජෝකිම් (Beladi Achmed Joachim) (70) නමැති ජර්මන් ජාතික විශ්‍රාමික ගුවන් නියමුවෙක්.

ඔහු වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහු මීට පෙර ශ්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වී සිට ඇති අතර, පසුව ඔවුන් දෙදෙනා නීත්‍යානුකූලව වෙන්වී ඇති බව ද වාර්තා වෙනවා.

මෙම මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

මීගමුව මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.


 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *