BREAKING NEWS
Search

රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

80

2026 අයවැය මගින් යෝජිත, රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන, එතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිමයක්ව පැවති දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කෙරුණි.

මෙම තීරණයට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අද (28) නිකුත් කර ඇති අතර, ඒ අනුව රාජ්‍ය සේවකයන්ට තම නිවාස අවශ්‍යතා සපුරාගැනීමට වැඩි අනුග්‍රහයක් ලැබීමට අවස්ථාව හිමි වේ.

මෙය රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ නිවාස හිමිකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් වැදගත් පියවරක් වනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *