BREAKING NEWS
Search

රාජකාරී වෙලාවේ කාන්තාවකගේ පහස සොයා ගිය පොලිස් නිලධාරියාට වැඩ වරදී..

64
රටේ ආරක්ෂාව, සාමය රැකියයුතු ආයතන අතර මුල් තැනක් ශ්‍රී ලංකා පොලිසියට හිමිවෙනවා.

ඒත් මෑත කාලයේ පොලිස් නිලධාරීන් ගැන අහන්න දකින්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචි නම් නෙවෙයි.

මේ අන්න ඒ වගේ තවත් එක කතාවක්.

වැටලීම් රාජකාරී සඳහා පිටවීමේ සටහන් යොදා කාන්තාවක් සමග ලැගුම්හලක රැඳී සිටි පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට කළුතර පොලිස් අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ වැලිපැන්න පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකුගේ බවයි දැනගන්න ලැබෙන්නේ.

පොලිස් සැරයන්වරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් කේ අනුරජිත් ගේ නියෝග අනුව තවත් නිලධාරීන් තිදෙනෙකු සමග වැටලීම් රාජකාරී සඳහා පිටවීමේ සඳහන් යොදා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

අනතුරුව ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා විසින් පරික්ෂා කිරීමේදී සැරයන්වරයා මතුගම පොලිස් වසමේ අගලවත්ත පාරේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක් සමග රැඳී සිටියදී හමුවී තිබූ බව එම නිලධාරියා පවසා තිබුණා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් නිලධාරියා වැඩ තහනමට ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ..

අරුණ පුවත්පත ඇසුරෙන්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *