BREAKING NEWS
Search

දැරියන්ගේ ඡායාරූප AI මගින් විකුර්ති කළ සිසුවාට සහ සහාය දුන් විදුහල්පතිට එරෙහිව නඩු

26
නිකවැරටියේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 සහ 15 හැවිරිදි දැරියන් තුන්දෙනෙකුගේ ඡායාරූප ලබා ගෙන ඒ.අයි තාක්ෂණය යොදාගෙන ඒවා නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පාසල් සිසුවෙකුට සහ ඊට අනුබල දුන් බව කියන විදුහල්පතිවරයෙකුට එරෙහිව චෝදනා බාර දී තිබෙනවා.
ඒ නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ ඉදිරියේයි.

මෙම නඩුව ලබන මස 12 වන දින විභාගයට ගැනීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

සැකකාර පාසල් සිසුවා ඔහුගේම සම වයසේ පසුවන පාසල් සිසුවියන් තුන්දෙනෙකුගේ ජායාරූප ලබා ගෙන පසුව ඒ.අයි තාක්ෂණය යොදාගෙන ඒවා නිරුවත් ජායාරූප බවට පත්කර සිය ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කර තබාගෙන සිට තිබෙනවා.

පසුව නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකථනය සිය බාරයට ගෙන ඇති විදුහල්පතිවරයා, අදාළ සිද්ධිය පිළිබදව පොලිසිය දැනුවත් නොකර සිද්ධිය සමථයට පත් කළ බවයි පවසා ඇත්තේ.

පසුව ජංගම දුරකථනය, විදුහල්පතිවරයා විසින් මාසකට අධික කාලයක් තමන් සන්තකයේ තබා ගෙන සිට ඇති බවයි අධිකරණයේදී අනාවරණ වුණේ.

අදාළ පාසලේ ආදී ශිෂ්‍ය සංගමය සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් පසුව ඇප මත මුදාහැර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *