BREAKING NEWS
Search

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතා – ලංකාවම හෙල්ලූ ඝාතනයක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය

164

පොලිස් කොස්තාපල්වරියක වූ සිය තරුණ පෙම්වතියගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මරණීය දණ්ඩනය නියම කර තිඛෙනවා.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කොට ඇති බවත්, මරණකාරියගේ ශරීරයේ තිබූ බරපතළ කැපුම් තුවාල ඇතුළු කැපුම් තුවාල 47කට අධික ප්‍රමාණය අනුව විත්තිකරු එකී ඝාතනය හිතාමතාම හා සැලසුම් සහිතව සිදු කළ බවට සනාථ වන්නේ යැයි පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම නියම කළා.

අධිකරණය හමුවේ දී විත්තිය වෙනුවෙන් සාක්ෂි දීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ අධිකරණය මහ හැර සිටින විත්තිකරු අත්අඩංගුවට ගැනීමටද මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

මෙයට වසර 12 කට පමණ පෙර එනම් 2013.01.07 වනදා කොළඹ පිටකොටුව ලෝටස් පාරේ ලංකා ටෙලිකොම් සංස්ථාව ඉදිරිපිට පිහිටි ගුවන් පාලම මත දී හේරත් මුදියන්සේලාගේ නදිශානි මධුභාෂිකා සමරසිංහ නමැති 23 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ජයසිංහ මුදියන්සේලාගේ නිලන්ත පුෂ්පකුමාර නැමැති විත්තිකරුට එලෙස මරණීය දණ්ඩනය නියම කෙරුනා.

එවකට කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ මරණකාරිය එම ගුවන් පාලම මතින් ගමන් කරන බවට දන්නා විත්තිකරු එදින ගුවන් පාලම මත රැක සිටිය දී පෙරවරු 7.10 ට පමණ ඇය හමු වූ අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිය මල්ලේ සඟවාගෙන තිබූ මන්නා පිහියක් රැගෙන ඇගේ ගෙල වෙන්වන ලෙස පිහි ප්‍රහාරයක් එල්ල කර තිබූ බවත්, අනතුරුව ඇගේ මුහුණ, පපුව ඇතුළු ශරීරයේ සියලු කොටස් කපා තමන් සන්තකයේ තිබූ වස කුප්පියක් ගෙන ඇගේ මුවට හලා ඉතුරු කොටස පානය කොට තිබූ බව ඇසින් දුටු සාක්ෂි අනුව අනාවරණය වී තිබුණා.

පිහිය පෙන්වා කිසිවෙකුටත් අසලට නොඑන ලෙසට තර්ජනය කර එකී අපරාධය සිදුකොට තිබූ එම විත්තිකරු සහ මරණකාරිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී එකට පුහුණුව ලබා 2009 වසරේදී කොස්ලන්ද පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත්, මරණකාරිය රාජකාරි නිවාඩු ලබා බිබිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවෙසට යන අවස්ථා වලදී විත්තිකරු ද ඇය සමඟ එම නිවෙසට ගොස් ඇති බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය වී තිබුණා.

දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ එකඟතාව ඇතිව විවාහ වීමේ අරමුණින් එම සබඳතාව දිගටම පවත්වා ගෙන ගොස් තිබූ බවත් විවාහයෙන් පසුව පදිංචිය සඳහා ඔවුන් දෙදෙනා එක්ව බිඛිල ප්‍රදේශයෙන් පර්චස් 43 ක ඉඩම් කොටසක් මිලදී ගෙන තිබූ බවටයි දෙපාර්ශවයේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ නමුත් විවාහ පොරොන්දම් නොගැළපීම හා විත්තිකරු යහපත් චරිතයකින් යුත් පුද්ගලයෙකු නොවන බවට අනාවරණය වූ කරුණු මත එකී විවාහයට මරණකාරියගේ මව අකැමැත්ත දැක්වීම නිසා එකී අපරාධය සිදු කිරීමට දින කිහිපයකට පෙර විත්තිකරු මන්නා පිහියක් හා වස කුප්පියක් රැගෙන මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මවට යම් බලපෑමක් කළ බව ද අනාවරණය වී තිබුණා.

දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ එකඟතාව ඇතිව විවාහ වීමේ අරමුණින් එම සබඳතාව දිගටම පවත්වාගෙන ගොස් තිබූ බවත් විවාහයෙන් පසුව පදිංචිය සඳහා ඔවුන් දෙදෙනා එක්ව බිඛිල ප්‍රදේශයෙන් පර්චස් 43 ක ඉඩම් කොටසක් මිලදී ගෙන තිබූ බවටයි දෙපාර්ශවයේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ නමුත් විවාහ පොරොන්දම් නොගැළපීම හා විත්තිකරු යහපත් චරිතයකින් යුත් පුද්ගලයෙකු නොවන බවට අනාවරණය වූ කරුණු මත එකී විවාහයට මරණකාරියගේ මව අකැමැත්ත දැක්වීම නිසා එකී අපරාධය සිදුකිරීමට දින කිහිපයකට පෙර විත්තිකරු මන්නා පිහියක් හා වස කුප්පියක් රැගෙන මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මවට යම් බලපෑමක් කළ බව ද අනාවරණය වී තිබුණා.

මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මව සමඟ තමුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ කතා බහ කළ බව හා ගුවන් පාලම මතදි මරණකාරිය හමු වූ බව සත්‍යක් වන නමුත් එහිදී ඇය පැවැසූ වදන් නිසා ශෝකයට පත් තමා වස පානය කර සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බවත් මරණකාරියට එකි කැපුම් තුවාල සිදු වූ ආකාරය තමන් නොදන්නා බවත් විත්තිකරු සිය නීතිඥවරුන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදී ඇත්තේ.

කෙසේ නමුත් විත්තිකරුගේ එකී ප්‍රකාශය දඩුවමින් ගැලවීමේ අරමුණින් සිදු කළ එකක් බවට අධිකරණය සිය තීන්දුව මගින් පෙන්වා දි තිබුණේ.

මරණකාරිය අධ්‍යාපන කටයුතු වලට විශේෂ දක්ෂතාවක් දැක්වූ අයෙකු වුවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් නොවී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණේ උසස් අධ්‍යාපනය ලබන බාල සහෝදරියගේ හා සහෝදරයාගේ වගකීම මෙන් ම පියා අහිමි පවුලේ නඩත්තුව පිළිබඳ වගකීම සිය කැමැත්තෙන්ම භාරගෙන බව මෙන් ම පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට පෙර කුලියට ගඩොල් කැපීම පවා සිදුකර සිය මව ඇතුළු සහෝදරයන් දෙදෙනාගේ කුසගින්න නිවීමට ඇය උත්සාහ දැරූ බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා.

නීතිඥ ප්‍රදීප් ජයකොඩි අගතියට පත් පර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් මූලික විමර්ශන කළ කොටුව පොලිසිය එකී විත්තිකරුට අධිකරණය විසින් ඇප ලබාදෙන අවස්ථාවේදී විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට නිසි පියවර නොගැනීම නිසා විත්තිකරුට අධිකරණය මගහැර පලායෑමට ඉඩකඩ විවර වු බවද පෙන්වා දුන්නා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *