ඩුබායි ගිහින් මහන්සියෙන් හම්බ කරලා, තමන්ගේ දරුවන්ට ඉන්න කාමර හතරක් තියෙන ලස්සන ගෙයක් හදලා දුන්න තාත්තා කෙනෙක්ට අන්තිමට වෙච්ච දේ ඇහුවොත් ඔබත් පුදුම වේවි.
අද වෙද්දී ඒ තාත්තා ඉන්නේ දරුවෝ හදලා දුන්න ගෙදර නෙමෙයි, පාරේ….
මේ තාත්තා පවසන විදිහට ඔහුට දූවරු දෙන්නෙක් සහ පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් සියලු සැප සම්පත් දීලා ගේකුත් හැදුවත්, අද ඒ කිසිම දරුවෙක් මේ තාත්තාව සලකන්නේ නැහැ. “මම සැප ගන්න නෙවෙයි ඒ ගේ හැදුවේ, දරුවන්ට ඉන්නයි හැදුවේ. ඒත් අද මාව කවුරුත් බලන්නේ නෑ” කියලා ඔහු පවසන්නේ ඉතාමත් කණගාටුවෙන්.
කවුරුත් නැතිව පාරේ අසරණ වෙලා හිටපු මේ තාත්තාට මදුරුවෝ තල තලා පාරේ නිදාගන්න සිද්ධ වෙලා තිබුණා. ඒත් වාසනාවකට වගේ පිරිසක් එකතු වෙලා මේ තාත්තාව වැඩිහිටි නිවාසයකට ඇතුළත් කරලා තියෙනවා. දැන් ඔහුට අවශ්‍ය කෑම බීම සහ රැකවරණය එහිදී ලැබෙන බවයි වාර්තා වෙන්නේ.














