BREAKING NEWS
Search

ගුවන් අනතුරකින් මන්ත්‍රීවරයෙකු ඇතුළු 15ක් මරුට

1338

කෙලොම්බියාවේ වෙනිසියුලා දේශසීමාව ආසන්නයේ පිහිටි කඳුකර ප්‍රදේශයකට සිදුවූ ගුවන් යානා අනතුරකින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට පත්ව ඇත්තේ කෙලොම්බියානු රජයට අයත් Satena ගුවන් සේවයට අයත් Beechcraft 1900 වර්ගයේ එන්ජින් දෙකේ කුඩා ගුවන් යානයක්.

එම යානය කෙලොම්බියාවේ කුකුටා (Cucuta) නගරයෙන් පිටත්ව ඕකානා (Ocana) නගරය බලා ගමන් කරමින් තිබූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ගොඩබෑමට විනාඩි කිහිපයකට පෙර, එනම් එරට වේලාවෙන් මධ්‍යහ්නයට ආසන්නව යානය පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටී තිබෙනවා.

යානයේ සිටි මගීන් 13 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාම අනතුරින් මියගොස් ඇති අතර, කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැත.

මියගිය පිරිස අතර 36 හැවිරිදි කෙලොම්බියානු මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඩයෝජිනිස් කින්ටේරෝ (Diogenes Quintero) සහ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයෙකු වූ කාර්ලෝස් සල්සෙඩෝ (Carlos Salcedo) ද සිටින බව වාර්තා වෙනවා.

කෙලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ (Gustavo Petro) මෙම ශෝකජනක පුවත සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇති අතර, ගුවන් හමුදාව යොදවා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අනතුර සිදුවූ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශය අතිශය දුෂ්කර භූමියක් වන අතර, එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය සහ එරට සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් වන ELN හි ක්‍රියාකාරිත්වය හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *