BREAKING NEWS
Search

ඇත්තටම එහෙම පිරිමිත් ලෝකෙ ඉන්නවද ? රෙබෙකා කියන පුදුම හිතන කතාව

275

මම නිළියක් වෙන්න මාර දැඟලිල්ලක් දැඟළුවා.අපේ නෑදෑයෙක් තියා දන්න කෙනෙක්වත් රඟපාලා නෑ.මේ ගමන මම එන්න පටන් ගත්තෙ තනියෙන් .කවුරුත් නැතුව.කොළඹ ආව මාව ගෙදර ගෙන්නා ගන්න තියෙන උවමනාවට ගෙදරින් මට සල්ලි දාන එක  නැවැත්තුවා.ඒ කාලෙ ඇඳුමක්වත් ගන්න සල්ලි නැති දවස් තිබුණා.මගේ මහත්තයා තමයි එයා මට හම්බ වෙච්ච දවසෙ ඉඳන් හයියට හිටියෙ.

මට වැඩකට යන්න ඇඳුමක් ගන්න ඕනෑ වුණාම එයා ඒ සල්ලි ටික හොයන්න දවස් දෙක තුන එක දිගට වැඩ හොයාගෙන වැඩ කළා.සල්ලි ඉතුරු කරලා කරලා මට ඉස්සරලම ස්මාර්ට්  phone  එකක් අරගෙන දුන්නා.මාව නාට්‍ය වැඩමුළුවලට එහෙම එක්ක ගියාම ඒවා ඉවර වෙනකම් එයා පැය ගණන් ඇවිද ඇවිද ඉන්නවා.අව්වෙ එහෙම ඇවිදලාම එයා කළු වෙනවා.එයා පුදුම පිරිමියෙක්.කවදාවත් මාව අවිශ්වාස කරන්නෙ නැහැ.

රෑ 2.00 ට 3.00 ට ගෙදර ගියත් කවදාවත් කොහෙද ගියේ ඇයි පරක්කු  වුණේ කියලා මගෙන්  අහන් නෑ.සමහරවිට මම ගෙදරින් යද්දි එයා නිදි.මම phone එක ට  මැසෙජ් එකක් තියලා යනවා.මට disturb  වෙයි කියලා මම call  කරනකම් කවදාවත්  එයා මට call  කරන්නෙ නෑ.එයා මට පුදුම ආදරෙයි.මම හරි වාසනාවන්තයි එහෙම මහත්තයෙක් ලබන්න ….

 

 

සාරවිට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *