King Kohli ගේ කිරුළ අනතුරේ – ශ්‍රේණිගත කිරීම්වල කෝලි පස්සට යද්දී, ලැයිස්තුව උඩුයටිකුරු කළ අලුත්ම තරු මෙන්න..

143

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නවසීලන්තයේ ඩැරිල් මිචෙල් සමත්ව තිබෙනවා.

ඔහු ප්‍රසාද ලකුණු 845 ක් ලබා ගනිමින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර, මෙතෙක් ප්‍රමුඛස්ථානයේ සිටි විරාත් කෝලි දෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

බ්‍රාහිම් සද්‍රාන් ප්‍රසාද ලකුණු 764ක් ලබා ගනිමින් 03 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චරිත් අසලංක ප්‍රසාද ලකුණු 690 ක් ලබා ගනිමින් 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග සිය ස්ථාන ඉහළ නංවා ගැනීමට සමත්ව තිබෙනවා.

මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් ප්‍රසාද ලකුණු 647ක් ලබා ලොව තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

වනිඳු හසරංග එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ප්‍රසාද ලකුණු 619ක් ලබා ගනිමින් 09 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 710ක් ලබා ගනිමින් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙස තවදුරටත් රැඳී සිටිනවා.

එංගලන්තයේ ජොෆ්රා ආචර් දෙවන ස්ථානයේ ලකුණු 670රැඳී සිටින අතර දකුණු අප්‍රිකාවේ කේෂාව් මහාරාජ් 04 වන ස්ථානය සහ නැමීබියාවේ බර්නාඩ් ෂෝල්ට්ස් 05 වන ස්ථානය දක්වා එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ කුල්දීප් යාදව් ස්ථාන 04කින් පසු බැස 07 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *