වෘත්තියෙන් පොලිස් නිලධාරිනියක් වුණු ඇයට මේ තරම් සෙනෙහසක් දරුවෙකුට දිය හැකිද..?
කුසගින්නේ හඬා වැටුණු බිළිඳෙකුට ජීවිතය දුන් වීර පොලිස් නිලධාරිනියක් ගැන මේ කතාව ඇසෙන්නේ මෙක්සිකෝව පැත්තෙන්..
සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමේ රාජකාරියේ නිරතව සිටි ඇරිස්බෙත්ට, දින තුනකින් ආහාර නොලැබුණු, වේදනාවෙන් හඬා වැටෙන මාස 4ක කුඩා බිළිඳෙකු හමුවුණා.
“එම බිළිඳා හඬා වැටුණු ආකාරය මගේ හදවතට තදින්ම දැනුණා. මම කළේ ඕනෑම මවක් ඒ අවස්ථාවේ කරන දෙයයි,” ඇය පසුව පවසා තිබුණේ අන්න එවැනි හද කම්පා කරන කතාවක්.
ඇයගේ මෙම උතුම් මානුෂීය ක්‍රියාව ලොව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ප්‍රශංසාවට ලක්වුණා. ඇයගේ මෙම කැපවීම අගය කරමින් මෙක්සිකෝ පොලිස් දෙපාර්තමේන්තුව ඇයට විශේෂ නිල උසස්වීමක් පිරිනමා ඇති අතර, ඇයව ගෞරවයට පාත්‍ර කර තිබෙනවා.
යුද්ධ සහ ස්වභාවික විපත් මැද වුවද, මනුෂ්‍යත්වය යනු සියලු සීමා මායිම් අභිබවා යන දෙයක් බව ඇරිස්බෙත් මුළු ලෝකයටම පසක් කර දී ඇති දී තිබුණා.
























