BREAKING NEWS
Search

තරුණයෙකුට මරු කැදවූ රිය අනතුර

199

හොරණ කොළඹ මාර්ගයේ පොකුණුවිට වැලිකළ ප්‍රදේශයේදී  අද (09)  පොකුණු විට සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක්  මාර්ගයෙන් පිටත  නිවසක මිදුලක නවතා තිබූ බස් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මිල්ලනිය පරගස්තොට පැල්පොල ප්‍රදේශයේ පදිංචි  මග්ගොනගේ  අකිල විශාන් ප්‍රනාන්දු නැමැති විසි තුන් හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදියට බරපතල හානි සිදුව ඇති අතර අධික වේගය නිසා යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *