සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා විශාල ගණනකට දැඩි අලාභ හානි

142

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින්  දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති.

මේ හානියෙන් තමන්ට රුපියල් කෝටියක පමණ අලාභ හානියක් සිදුව ඇති බවත් එම හානිවූ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවද ඔවුහු කියති.

මේ දැඩි අලාභහානිවූ ධීවර යාතා සියල්ලම අලුත්වැඩියා කිරීමට ධීවර වරායෙන් ගොඩබිමට ගත යුතු බවත් ඒ සදහා ද විශාල මුදලක් වැය වන බවත් එම ධීවර යාතාවල හිමිකරුවෝ කියති.

හමා ගිය දැඩි සුළගින් හා මුහුදේ විශාල රළ් පහරවල් වරාය තුළට ඇතුලුවීමෙන් මේ විනාශය තමන්ට සිදුවූ බවද ඔවුහු කියති.

මේ ධීවර වරායේ ධාරිතාව කුඩා බැවින් එහි නවතා තිබූ බහු දින ධීවර යාතා සුළගින් හා රළ පහර වැදීමෙන් එකිනෙක ගැටීම මේ වයසනයට පධානතම හේතුව බවද ධීවර යාතා හිමියෝ කීහ.

අම්බලන්ගොඩ ධීවර වරායට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය තවමත් පහව නොගොස් ඇති බවත් ඒ නිසා තවත් ධීවර යාතා එකිනෙක් ගැටි දැඩි අලාභහානි සිදුවිය හැකි බවත් ඔවුහු බිය පල කරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *