අද කාලගුණ තත්ත්වය නිසා රියදුරන්ට විශේෂ පණිවිඩයක්

630

වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල සිට නානුඔය දක්වා ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (11) අලුයම සිට කඩින් කඩ ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෛනික ජන ජිවිතයටද බාධා පැමිණ තිබෙනවා.

එමෙන්ම පවතින අධික වර්ෂාවත් සමග හැටන් ඇතුළු කදුකර ප්‍රදේශවල අදුරු කාලගුණ තත්ත්වයක් සමග අධික සීතලක් පවතින බවයි සඳහන් වන්නේ.

ජලාශයන් භාර ඉංජිනේරුවන් සඳහන් කළේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *