Latest Articles
Search

එක මලකට පෙම් කල පාසැල් සිසු දෙදෙනාගේ ආරවුලෙන් සිසුවෙක් රෝහලේ

107

වේයන්ගොඩ ප්‍රදේශයේ  මහා විද්‍යාලයක  දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබූ නව වැනි  සිසුසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්   කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය  කියයි.

Advertisement

සිසුන් දෙදනාම එකම සිසුවිය සමඟ ඇතිකරගෙන  තිබු ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් ඇති වු ආරවුලකදී මෙම පිහි ඇනුම සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

Advertisement

සිසුවියගේ අනෙක් පෙම් සබඳතාව පිළිබදව දැනගත් දහවැනි ශ්‍රේණියේ  සිසුවා පාසලේදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී ද නවය ශ්‍රේණියේ සිසුවාට  පහර දී  ඇති බවත්  විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි .

Advertisement

පිහි පහරින් උරහිස ප්‍රදේශයට තුවාල සිදුවූ  සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට  ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *