Latest Articles
Search

හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු

104

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී   ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Advertisement

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ කුඩා උඩුව හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 පුද්ගලයෙකි.

Advertisement

සැකකරු වෙඩි තැබූ බවට බරපතල තුවාල ලද ව්‍යාපාරිකයා විසින් රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිසි වලට මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතද දැනුම් දී තිබිණි.

Advertisement

ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා ආශ්‍රිතව මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගන්නා තාක්ෂණය ඔස්සේ මෙම සැකකරු හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.

Advertisement

මම සැකකරු මීට දින කීපයකට ඉහතදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බවත් අද (6) දින එරටට නැවත යාමට නියමිතව සිටි ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව කඩිමුඩියේ ඊයේ 5 ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා පැමිණ තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

Advertisement

සැකකරු හොරණ පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෙඩි තැබීම සඳහා පැමිණි පැදිකරු සහ වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *