මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි

171

සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය  අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේම  ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

කොළඹ ගාල්ල මහා මාර්ගයේ  බෙන්තොට රොබොල්ගොඩදී  උපකාරක පංතියකට ගොස් සිටි  තම මිනිපිරිය සමග  පාර අයිනේ  ගමන් කරමින් සිටි කාන්තාවක් මෙම අනතුරට ලක්වී ඇත.

මෙසේ  මියගොස් ඇත්තේ බෙන්තොට රොබොල්ගොඩ පදිංචිව සිටි එම්.මාලිනී රූපලතා නමැති 65 හැවිරිදි එක්දරු මවකි.

ත්‍රිරෝද රථය ධාවනය කළ  පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි රියදුරා සැකපිට  අත් අඩංගුවට ගෙන ඔහුගේ ඉල්ලීම පරිදි පොලිස් ආරක්ෂාව යටතේ  බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *