Latest Articles
Search

මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි

87

සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය  අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේම  ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

Advertisement

කොළඹ ගාල්ල මහා මාර්ගයේ  බෙන්තොට රොබොල්ගොඩදී  උපකාරක පංතියකට ගොස් සිටි  තම මිනිපිරිය සමග  පාර අයිනේ  ගමන් කරමින් සිටි කාන්තාවක් මෙම අනතුරට ලක්වී ඇත.

Advertisement

මෙසේ  මියගොස් ඇත්තේ බෙන්තොට රොබොල්ගොඩ පදිංචිව සිටි එම්.මාලිනී රූපලතා නමැති 65 හැවිරිදි එක්දරු මවකි.

Advertisement

ත්‍රිරෝද රථය ධාවනය කළ  පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි රියදුරා සැකපිට  අත් අඩංගුවට ගෙන ඔහුගේ ඉල්ලීම පරිදි පොලිස් ආරක්ෂාව යටතේ  බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය පැවසීය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *