Latest Articles
Search

වාහන ආනයන තහනම ඉවතට

145

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

Advertisement

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

Advertisement

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

Advertisement

රජය වාහන ආනයන තහනම ලබන වසර මුලදී ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇති බවත් එම නිසා ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි කමිටුව තීරණය කළ බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

Advertisement

ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහනවල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයි එම නිලධාරියා පැවැසුවේය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *