Latest Articles
Search

රිළා කරදරෙත් ඉවරයි ?

285

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියකගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම ඊයේ (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු ලැබීය.

Advertisement

රිළවියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැළැක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරුණු අතර ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කිරීමට පශු වෛද්‍ය පීඨය සමත්ව තිබිණි.

Advertisement

එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබිණි.

Advertisement

එම සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැක ගැනීමට ලැබුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ශික්ෂණ හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසුවේය.

Advertisement

වසර 20 පමණ ආයු කාලයක් ඇති රිළවියක සාමාන්‍යයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 – 15 අතර සංඛ්‍යාවක් බිහි කරන බවත් මේ නිසා රිළා ගහනය පාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට සියලු පාර්ශ්ව විසින් හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.

Advertisement

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍යවරුන්ගේත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේත් සහය මේ සඳහා හිමි වූ බව ද මහාචාර්යවයා ප්‍රකාශ කළේය. ලූපය තැන්පත් කිරීම සඳහා සතා සිහිසුන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන බවත් අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ ගතවන බවත් කී ඒ මහතා ඒ අනුව මෙය මෙරට රිළා ගහනය පාලනය කිරීමට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව වැඩි බව ද අවධාරණය කළේය.

Advertisement

සමන්තී වීරසේකර

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *