Latest Articles
Search

සිය බිරිඳ පැත්තකට දමා දෙවැනි මනාලියට වශී වූ කෝටිපතියා… අවසන් ගමන් යැවූ ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුව…

1209
මත්පැන් අලෙවි සැල් ජාලයක් ඇතුළු අප්‍රකට ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස වැජඹුනු අනුරාධ සම්පත් කුඩාගොඩ ඝාතනය වන්නේ පසුගිය වසරේ පෙබරවාරි 28 වෙනිදාය. ඒ පානදුර පිංවත්තේදීය.

Advertisement
මෙදින උදෑසන ඔහු පානදුර ටී. ඩිමන් ද සිල්වා මාවතේ ඉදිවන සිය සුවිසල් නිවසේ වැඩකටයුතු ගැන සොයා බැලීමට සුඛෝපභෝගී ජිප් රථයක නැඟී ගමන් කරමින් සිටියදී වෙඩි තබා මරා දමන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනි.

Advertisement

ඒ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබාය. තනි වෙඩිල්ලකින් මරා දැමුණු අනුරාධ සම්පත් කුඩාගොඩගේ ඝාතනයේ සැකය මුලින්ම එල්ලවන්නට වූයේ පාතාලය දෙසටය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඒ පැත්තේ රජකරන කුඩු පාතලයේ ප්‍රබලයින්ට කප්පම් නොදී ව්‍යාපාරිකයන්ට ඔළුව උස්සාගෙන සිටින්නට බැරිකම නිසාය.

Advertisement
අනුරාධ සම්පත් කුඩාගොඩද නාහට නාහන අයෙක් වූ බැවින් පාතාලයට කප්පම් නොදීම නිසා ඔහුගේ ඝාතනය එසේ සිදුවූයේදැයි ලොකු සැකයක් මුලින් මතුවූවත් එම සැකය පැය කිහිපයකට වඩා පැවතුනේ නැත. ඒ ඊට එහා ගිය සිදුවීම් මාලාවක් මෙම ඝාතනය හා බැදී ඇති බවට තොරතුරු පොලිස් විමර්ශකයන්ට ගලා එන්නට වූ බැවිනි.

Advertisement

ඒ ඔස්සේ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනුරාධ සම්පත් කුඩාගොඩගේ ඝාතනය ඔහුගේ පවුලේම උදවියගේ සැලසුමකට අනුව සිදුවූවක් බව මෙම ඝාතනය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වූ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වෙඩික්කරු සහ පැදිකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ හෙළිකරගත්තද ඉන් එහාට මෙම ඝාතනය පිටුපස සිටි පවුලේ උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් දකින්නට නොවීය.

Advertisement
ඒ ගැන සමාජයේ මෙන්ම අනුරාධ සම්පත් කුඩාගොඩගේ පවුලේ උදවිය ඇතුළු සමීපතමයින් ප්‍රශ්න කරන්නට වූයේ පොලිස් විමර්ශන කෙරෙහි සැක සංකා මතුකරමිනි. අනුරාධ සම්පත් කුඩාගොඩ ආදි නාලන්දියෙකි. ඔහුට නාලන්දයේ මිතුරන් බොහෝය. ආදි නාලන්දියෙක් වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද ඇතැම් විට ඔහුව දැන හඳුනාගෙන සිටියෙක් විය හැකිය.

Advertisement

සිය සඟයාට වූ අපරාධයට සාධාරණය පතා ඇතැම් ආදි නාලන්දියන් පසුගිය කාලය පුරාවට නිහඬ සටනක නිරතව සිටියේය. අනුරාධ සම්පත් කුඩාගොඩගේ ඝාතනයේ කොන්ත්‍රාත්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ඔය අතරතුරදීය. ඒ අනුරාධ සම්පත් කුඩාගොඩ ඝාතනය වී හරියටම වසරකුත් මාස දෙකකට පසුවය.

Advertisement
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගන්නා එම කොන්ත්‍රාත්කරු වෙන කිසිවෙක් නොව, අනුරාධ සම්පත් කුඩාගොඩගේ විවාහක බිරිඳගේ සහෝදරයාය. හෙළිවී ඇති තොරතුරුවලට අනුව මෙම ඝාතනය රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූවකි. ඒ පිටුපස ඇත්තේ ලොකු කථාවකි.

Advertisement
අනුරාධ සම්පත් කුඩාගොඩ සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ලැබුවේ කඩවත කේන්ද්‍රකරගෙනය. ඔහුට අයත් මත්පැන්හල් ජාලය පිහිටා තිබුණේද කඩවත කේන්ද්‍ර කරගෙනය. තට්ටු නිවාස සංකීර්ණ රැසක නිවාස බොහොමයක්ම කුඩාගොඩ සතුවිය. ඒවා ඔහු අඩු මිලට ගෙන මිල වැඩිවන විට විකුණමින් දේපොළ වෙළඳාමේද නිරත වී තිබුණේය. ඒ හැරුණු කොට වතුපිටි පවා කුඩාගොඩ සතු විය. මේ හැම දෙයක්ම ඔහු රැස්කරගනු ලැබුවේ දුක් මහන්සියෙනි. ඊට ඔහුට හයියක් වූයේ බිරිඳ ප්‍රියංකාය. අවසානයේදී සිදුවන්නේ සිය බිරිඳ පැත්තකට දමා වෙන අඹුවක් පස්සේ යන්නට ගොසින් කුඩාගොඩ මාරයා ළංකර ගැනීමය.

Advertisement
කුඩාගොඩ සිය අඹු දරුවන් සමඟ ජීවත්වූයේ කඩවත කිරිල්ලවල බංගලාවත්තේ පිහිටි නිවසේය. එහෙත් ඝාතනය වන විට ඔහු සිටියේ පානදුර පැත්තේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් කුලියට ගෙනය. ඒ අනියම් බිරිඳ හා ඇගේ දරුවන් සමඟිනි. ඇය නැටුම් ගුරුවරියකි. කුඩාගොඩගේ විවාහයේ දී දෙවැනි මනමාලිය වූයේ ද ඇයයි. බිරිඳගේ පුංචි අම්මාගේ දුව වන ඇය කළුතර පැත්තේ පාසලක නැටුම් ගුරුවරියක් වූවාය.

Advertisement

ඇය විවාහ වී සිටියේ ගුවන් හමුදාවේ සාමාජිකයෙකු සමගිනි. එම විවාහය දෙදරා ගියේ යැයි පැවසෙන්නේ බැංකු කළමනාකරුවෙක් සමඟ ඇය බැදුණේ යැයි කියන අනියම් ඇසුරක් මුල්කරගෙනය. 2018 සැමියා ඇගෙන් නීතියෙන් වෙන්වන විට ඇගේ පිහිටට එන්නේ ප්‍රියංකාය. ඒ දරු දෙදෙනා සමඟ ඇයව කිරිල්ලවල නිවසට ගෙන්වාගෙන එහි නවාතැන් දෙමිනි. කුඩාගොඩ හා ඇය අතර අනියම් ඇසුරක් ගොඩනැඟුනේ යැයි කියැවෙනුයේ ඒ කාලය තුළදීය.

Advertisement

සිය බිරිඳ සහ දියණිය සමඟ යහපත් පවුල් ජීවිතයක් ගතකල කුඩාගොඩ අවසානයේදී සිය බිරිඳගේ දෙවැනි මනමාලිය අනියම් බිරිඳ බවට පත්කරගන්නේ ප්‍රියංකාව අතහැර දමමිනි. ඒ යැයි කියා කුඩාගොඩ සිය දියණියගේ අනාගතය වෙනුවෙන් කළ සැලසුම් අතහැර දැමුවේ නැත. ඔහු සිහින දුටුවේ දියණියව ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපානය සඳහා යොමු කරවන්නටය. බිරිදගෙන් වෙන්ව සිටියත් ඔහු ඊට අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරනු ලැබුවේය.

Advertisement
සිය බිරිද සහ දියණිය සමඟ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කළ කුඩාගොඩගේ මේ වෙනස ගැන ඔහුගේ සමීපතයින් බොහෝ දෙනෙක් ඔහුට දොස් පවා නඟා තිබුණේය. ඒ යැයි කියා ඔහු එය නිවැරදි කර ගන්නට කිසිවිටකත් උත්සහ ගත්තේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ඒ අය සමඟ කුඩාගොඩ උරන වී හිතවත්කම් නැතිකර ගැනීමය. ඒ තරමට ඔහු සිය බිරිඳගේ දෙවැනි මනමාලිය වූ නැටුම් ගුරුවරියට වහවැටී සිටියේය.පානදුර පිංවත්තේ ටී.ඩිමන් පාරේ තෙමහල් සුවිසල් නිවස කෝටි ගානක් මුදල් වැයකර ඉදිකරන්නට වූයේද ඇය වෙනුවෙනි.

Advertisement
එදා උදෑසන කුඩාගොඩ සිය අනියම් බිරිඳගේ දරුවන් දෙදෙනා පාසල් ඇරලවා සුපුරුදු ලෙස ජිප් රථයේ නැඟී පිංවත්ත බලා එන්නට වූයේ ඉදිකෙරමින් පවතින නිවස වෙතය. ඒ පැමිණෙමින් සිටි ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නේ ජිප් රථය පිටුපසින් යතුරු පැදියකින් හඹා පැමිණි දෙදෙනෙකු විසිනි.

Advertisement
මෙම වෙඩි තැබීමෙන් සුළු වේලාවකට පසු වාද්දුව වේරගම සයිප්‍රස් උද්‍යානයේ සිදුවන්නේ අපූරු සිදුවීමකි. සයිප්‍රස් උද්‍යානය යැයි කීවාට එය නිවාස සංකීර්ණයකි. මෙම නිවාස සංකීර්ණය පිහිටි කොන්ක්‍රීට් මාර්ගය දිගේ පැමිණෙන යතුරුපැදිකරුවෙක් යතුරු පැදිය නතරකර ඔහු ඇඟලාගෙන සිටි ජැකට්ටුව ගලවාදමා යතුරු පැදියේ අංක තහඩු ගලවන අයුරු අසල නිවැසියෙකු දුටුවේය.

Advertisement

මෙවැනි සිදුවීමක් දුටු විට නොදුටු ගානට අද සමාජයේ බොහෝ අය සිටීමට පුරුදුව සිටියත් මේ තැනැත්තා කළේ සිය ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්ම කරමින් යකඩ පොල්ලක්ද අතට ගෙන ඒ පුද්ගලයා අසලට ගමන් කිරීමය. ඒ ඔහුගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමේ අපේක්ෂාව ඇතිවය. එහිදී එම යතුරුපැදිකරු අංක තහඩු ගැලවිල්ල පැත්තකට දමා පලායන්නේ යකඩ පොලු පහරවල් කමින් යතුරු පැදිය තල්ලු කරමිනි. ඒ යතුරුපැදිය පණ ගන්වන්නටවත් ඔහුට ඉඩක් නොවූ තැනය. කළු පැහැති එම යතුරුපැදිය පොලීසියට එදින හමුවන්නේ එම සිදුවීම වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ ඈතක දමාගොස් තිබියදීය.

Advertisement
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ වන විටත් සිටියේ පිංවත්තේ වෙඩික්කරුවන් පස්සේ පන්නමිනි. ඒ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ ලුහුබඳිමිනි. ගාලුපාර දිගේ ආරක්ෂක කැමරා එකින් එක පරීක්ෂා කරමිනි. ඉදිරිය ආ නිලධාරීන්ට වාද්දූව වේරගම පැත්තේ අතහැර දමාගොස් තිබුණු කළුපැහැති අංක තහඩු නැති යතුරුපැදියක් ගැන තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරදීය. වෙඩික්කරුවන් ගමන් කළ යතුරුපැදිය එය බව නිලධාරීන් හඳුනා ගත්තේය.

Advertisement

එහි චැසි අංකය හා එංජින් අංකය ඔස්සේ හිමිකරුවන් හඳුනා ගැනීමට නිලධාරීන් වෙහෙසක් ගත්තේය. යතුරු පැදියේ එංජින් අංකය හූරා මකා දැමීමට උත්සහයක් ගෙන තිබුණත්, තුන්වැනි පාර්ශ්වයක සහයෙන් සියුම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ මකා දැමූ අංකය පොලිස් නිලධාරීන් මතුකර ගත්තේය. ඒ ඔස්සේ යතුරුපැදියේ ලියාපදිංචි අංකය හා එහි හිමිකරු හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිවය.

Advertisement
ඊට අනුව යතුරු පැදියේ ලියාපදිංචි හිමිකරු සිටියේ තෙලිකඩ පැත්තේය. එම යතුරුපැදිය ඔහු මිලදී ගෙන තිබුණේ කල්බදු සමාගමක් හරහාය. එබැවින් කල්බදු සමාගමේ තොරතුරු ඔස්සේ පොලිස් නිලධාරීන් එම යතුරුපැදියේ හිමිකරු සොයා තෙලිකඩට ගියේය. එහිදී හෙළිවන්නේ එම යතුරුපැදිය ඒවන විට පරිහරණය කරමින් සිටින්නේ ලියාපදිංචි හිමිකරු නොව, බස් රථ රියැදුරෙක් බවය.

Advertisement

ඔහු තෙලිකඩ ගිනිමැල්ලගහ පදිංචිකරුවෙකි. හසන්ත දිල්ෂාන් නමැති ඔහුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ වේරගම සයිප්‍රස් උද්‍යානයේ නිවසක් ඉදිරිපිට යතුරු පැදියේ අංකය ගලවා සෙල්ලමක් දමන්නේ ඔහු බව කල්තියා හඳුනාගෙන සිටි බැවිනි. ඒ එදා ඔහුට යකඩ පොල්ලකින් පහරදෙන පුද්ගලයාගේ ජංගම දුරකතනයේ පටිගතව තිබුණු දර්ශන ඔස්සේය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ කුඩාගොඩ ඝාතනයෙන් සතියක් ඉක්ම යන්නට මත්තෙනි.

Advertisement

වෙඩි තැබූ අවිය

Advertisement
මේ පුද්ගලයා යුද හමුදාවේ කලක් සේවය කළ අයෙකි. නමින් හසන්ත දිල්ෂාන්ය. ගමේ අය ඔහුට කීවේ මරිසි පොඩීය. ඒ ඔහු මරිසිකාරයෙක් වූ බැවිනි. පොලිස් නිලධාරීන් කුඩාගොඩගේ ඝාතනය ගැන මරිසි පොඩීගෙන් ප්‍රශ්න කරන්නට වූයේ දීර්ඝ ලෙසිනි. එම ප්‍රශ්න කිරීම් හමුවේ එළියට එන්නට වූයේ ඔහු එදා කුඩාගොඩ ඝාතනයට ගිය වෙඩික්කරු ගමන් කළ යතුරුපැදියේ පැදිකරු පමණක් බවය. කුඩාගොඩට පිංවත්තේදී වෙඩි තැබූ වෙඩික්කරු කවුරුන්දැයි කියන්නේද මරිසි පොඩී ය. ගිනිමැල්ගහ පැත්තේ පදිංචිකරුවෙක් වූ ඔහු ජී.එම්. ධනුෂ්කය. ගිනිමැල්ගහ පැත්ත හොල්ලාගෙන සිටියෙක් වන ඔහු බස් රථ හිමි ව්‍යාපාරිකයෙකි. ඒ හැරුණු කොට තවත් ව්‍යාපාර කිහිපයක්ම ධනුෂ්ක කරගෙන ගියේය. තිලංග සංජීව ඇතුළු විමර්ශන නිලධාරීන් ඔහුවද අත්අඩංගුවට ගත්තේය. දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සියල්ල වමාරන්නට ගත්තේ කුඩාගොඩව මරා දැමීමට ඔහුට කොන්ත්‍රාත්තුව ලබාදුන් අය ගැනද හෙළි කරමිනි.

Advertisement
ඊට අනුව කුඩාගොඩව මරා දැමීම රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූවකි. එම කොන්ත්‍රාත්තුව ධනුෂ්කට ලැබී ඇත්තේ කුඩාගොඩගේ පවුලේම සාමාජිකයෙකු මඟින් බව හෙළිවිය. බිරිඳගේ බාල සහෝදරයෙක් විසින් එම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව පවා එහිදී හෙළි විය. කුඩාගොඩගේ ව්‍යාපාරවලින් කොටසක් බලා කියා ගැනීමේ වගකීම පවා පවරා තිබුණේ එම සහෝදරයාටය. ඔහු විසින් ධනුෂ්කට මෙම කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ රුපියල් ලක්ෂ 10 අත්තිකාරමක් සමඟ ගිනි අවියක්ද ඔහු අතට පත්කරමිනි. ඒ එම ඝාතනයට මාස දෙක තුනකට ඉහතදීය. කොරෝනා වසංගතයෙන් සිය ව්‍යාපාර බිඳ වැටී බස් රථවලට නිසි ලෙස ලීසිං වාරික පවා ගෙවා දැමීමට නොහැකිව සිටි ධනුෂ්ක මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාරගන්නේම මේ තුළින් ගොඩ ඒමේ අපේක්ෂාව ඇතිවය.

Advertisement
මරිසි පොඩීව මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට සම්බන්ධකර ගන්නේ ධනුෂ්කය. ඒ ඔහු ධනුෂ්කගේ බස් රථවල රියැදුරෙක් මෙන්ම කොන්දොස්තරවරයෙක් ලෙසද කටයුතු කරමින් ලොකු විශ්වාසයක් ගොඩනඟාගෙන සිටි බැවිනි. කොන්ත්‍රාත් මුදලින් මුල්ම ලක්ෂය ධනුෂ්ක වැයකරන්නේ උකසට තබා තිබුණු මරිසි පොඩීගේ යතුරු පැදිය බේරා ගැනීමටය. රුපියල් 80,000කට උකස්කර තිබුණු එම යතුරුපැදිය පොලියත් සමඟ ලක්ෂයකට කිට්ටු මුදලක් ලබාදෙමින් බේරාදෙන්නේ ධනුෂ්කය. අනතුරුව එහි එංජින් අංකය හූරන්ගේ කියත් පටියකිනි. කුඩාගොඩව මරා දැමීමේ කොන්ත්‍රාත්තුව මාස තුනකට පෙර භාරගත්තත් එය ඉටුකිරීමට තරම් ධනුෂ්කට හෝ මරිසි පොඩීට උනන්දුවක්ද නොවීය. කොන්ත්‍රාත්තුව භාරදුන් බිරිඳගේ සහෝදරයාටද මුලදී තිබූ තරම් උනන්දුවක් පසුව තිබී නැත. කුඩාගොඩ මරා දැමීමට ඒ අයට ලොකු හදිසියක් ඇතිවී ඇතැයි එකල පැවති විමර්ශනවලින් එළියටවිත් තිබුණේ ඔහු කිරිල්ලවල පිහිටි නිවසට ගොස් සේප්පුවේ තිබූ මුදල්, රන් භාණ්ඩ මෙන්ම ඉඩකඩම් හා ව්‍යාපාරවලට අදාළ ඔප්පු තිරප්පු හැම දෙයක්ම රැගෙන යාමත් සමඟිනි.

Advertisement
කුඩාගොඩගේ ජීවිතය ඩැහැ ගැනීමට ධනුෂ්කත් , මරසි පොඩීත් එදා තෙලිකඩ ගිනිමැල්ලගහ සිට පානදුර බලා පිටත්ව එන්නේ උදේ රැයින්මය. මරිසි පොඩි ගමන් ගන්නේ යතුරු පැදියේ නැඟීය. ධනුෂ්ක එන්නේ මගී බස් රථයකට ගොඩවෙමිනි. දෙදෙනා එකිනෙකාට මුණ ගැසෙන්නේ වාද්දූවේදීය. වාද්දූවේ සිට ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් එන්නේ පිංවත්ත සුසාන භූමිය අසලටය. ඊට පෙර අවස්ථා දෙකකදීම එතැනට පැමිණ ඔත්තු බලා තිබුණු බැවින් කුඩාගොඩ උදෑසන අට නමය වන විට එතැනින් ගමන් ගන්නා බව දෙදෙනාම දැන සිටියේය.

Advertisement
කුඩාගොඩගේ ජිප් රථය වෙනදාට වඩා වේලපහින් එදා කනත්ත පසුකරමින් ධාවනය කරන්නට ගත්තේය. කුඩාගොඩත් තෙලිකඩ වැසියෙක් වූ බැවින් ධනුෂ්ක ඔහුව හොඳින් දැන හඳුනාගෙන සිටියේය. ඒ වන විට ධනුෂ්ක රැඳී සිටියේ මුහුණ වැසෙන ලෙස සුදු පැහැති හිස් වැසුමක් පැලඳ ගෙන බැවින් කුඩාගොඩ ඔහුව හඳුනාගත්තේ නැත. කුඩාගොඩ පමණක් නොව, කුඩාගොඩගේ බිරිඳ ප්‍රියංකා මෙන්ම අනියම් බිරිඳත් තෙලිකඩ වැසියන්ය. කුඩාගොඩ කඩවතට කේන්ද්‍ර වන්නේ විවාහයෙන් පසුවය. කුඩාගොඩ මරා දැමීමට කොන්ත්‍රාත්තුව රැගෙන ආ ප්‍රියංකාගේ සහෝදරයාද තෙලිකඩය. ධනුෂ්කට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ගෙන එන්නේද එකම ගමේ දන්නා හඳුනන අය වූ බැවිනි.

Advertisement
පිංවත්ත සුසාන භූමිය පසුකරමින් එදා කුඩාගොඩ සිය ජිප් රථය පදවාගෙන යමින් සිටියදී යතුරුපැදිය පණගන්වාගත් මරිසි පොඩී ජිප් රථය පිටුපසින් යතුරු පැදිය ධාවනය කරන්නට වූයේ ධනුෂ්කගේ උපදෙස් මතය. ජිප් රථය ටී.ඩීමන් පාරට ඇතුළුකර ඉදිරියට ගමන් කරනවාත් සමඟ මරිසි පොඩීට ධනුෂ්ක පවසන්නේ ජිප් රථය ඉස්සර කරමින් යතුරුපැදිය ධාවනය කරන ලෙසය. එම අණට කීකරු වෙමින් මරිසි පොඩී යතුරු පැදිය ධාවනය කරනට විය. ධනුෂ්ක ඔහු පැලඳ සිටි හිස් වැසුම ඔසවා සිය මුහුණ පෙන්වා ජිප් රථයේ සිටි කුඩාගොඩට සිනහවකින් සංග්‍රහ කළේය. ඒත් එක්කම කුඩාගොඩ ජිප් රථය අයිනකට කර නතර කරනුයේ කුඩාකල සිට දැන හඳුනන ධනුෂ්කව හඳුනාගෙනය.

Advertisement
මරිසි පොඩීට යතුරු පැදියේ එංජිම නතර නොකරන ලෙස දැනුම් දෙමින් ධනුෂ්ක ජිප් රථය අසලට ගමන් කරන්නට වූයේ ගිනි අවිය සූදානම් කර ගනිමිනි. ඒ බවක් නොදකින කුඩාගොඩ ජිප් රථයේ රියැදුරු අසුන පැත්තේ ඇති වීදුරුව පහත් කරමින් “ මල්ලි මොකද මේ පැත්තේ“ යැයි විමසුවේය. ඊට ධනුෂ්කගෙන් පිළිතුරු ලැබෙන්නේ ඔහු අත වූ ගිනි අවිය කුඩාගොඩ දෙසට එල්ලකර කොකා ගස්සමිනි. එම වෙඩිල්ල වදින්නේ කුඩාගොඩගේ කටටය. ඒ ඔහුව එතැනම නිහඬ කරමිනි.

Advertisement
තනි වෙඩිල්ලෙන් වැඩේ හමාර කළ ධනුෂ්කත් මරිසි පොඩීත් යතුරු පැදියේ නැඟී එතැනින් පලාගියද ධනුෂ්ක පිංවත්තෙන් ගොඩවන්නේ කළුතර බලා ධාවනය වන මගී බස් රථයකටය. ඒ ඔහු ඒ වන විටත් පැලඳ සිටි සුදු පැහැති හෙල්මට්ටුවත් හිසේ දමාගෙනමය. වාද්දූවෙන් බස් රථයෙන් බසින විටත් ධනුෂ්කගේ හිසේ හෙල්මට්ටුව එහෙම්මම තිබුණේය. වාද්දූවෙන් ධනුෂ්ක නැවතත් ගොඩවන්නේ මතුගම බලා ධාවනය වන බස් රථයකටය.

Advertisement

ඒ මරිසි පොඩී සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි. ඒ වන විට මරිසි පොඩී සිටින්නේ වේරගම සයිප්‍රස් උද්‍යානයේ ගැටුමට මැදිහත් වය. යතුරුපැදිය මඟ දමා එන්නැයි මරිසි පොඩීට කියන්නේ ධනුෂ්කය. ඒ අනුව යතුරු පැදිය මහ මග අතහැර දමන මරිසි පොඩී දුවගෙන විත් ගොඩවන්නේ මාතර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයකටය. මතුගම බස් රථයේ සිටි ධනුෂ්ක කළුතර බෝධිය අසලින් බස් රථයෙන් බැස මාතර බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයට ගොඩවූයේ එහි මරිසි පොඩී සිටින බව දැනගෙනය. කළුතර සිට දෙදෙනා ගිනිමැල්ලගහ බලා යන්නේ එකටය.

Advertisement
මේ හැමදෙයක්ම මොවුන් දෙදෙනාගේ කටින්ම වමාරාගත් පොලිස් නිලධාරීන් කුඩාගොඩට වෙඩි තැබූ ගිනි අවිය පවා සොයා ගත්තේය. ඒ පතොරම් 08ක්ද සමඟිනි. කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මේ හැම දෙයක්ම සොයාගත්තද අවසානයේදී ඝාතන කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගත්තේ නැත. වසරකුත් මාස දෙකකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගන්නේ දීර්ඝ ලෙස කෙරුණු විමර්ශනයකින් අනතුරුවය.

Advertisement

එහිදී පෙනී යන්නේ කුඩාගොඩ ඝාතන කොන්ත්‍රාත්තුවට ලබාදී ඇති මුදල් පවා කුඩාගොඩ හරිහම්බ කළ ඒවා බවය. කුඩාගොඩ ට අයත් ව්‍යාපාරවල මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේද බිරිඳගේ පාර්ශ්වයේ සාමාජිකයෙකුය. කුඩාගොඩ මරා දැමීමට කොන්ත්‍රාත්තුව දීමට බිරිඳගේ බාල සහෝදරයා විසින් මුදල් ලබාගෙන ඇත්තේ යැයි කියැවෙන්නේද ඔහුගෙනි. ඒ ගැනද මේ වන විට පැවැත්වෙන්නේ විශේෂ විමර්ශනයකි. කුඩාගොඩ ඝාතනය සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව කුඩාගොඩට වෙඩි තබන්නට ගිනි අවිය ලබාදී තිබුණේ බිරිඳගේ බාල සහෝදරයාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශනයේ නිරතව සිටින්නේ එම ගිනි අවිය ඔහුට ලැබුණු ආකාරය ගැනය.

Advertisement

ඒත් එක්කම මෙම ඝාතනය පිටුපස තවත් සැඟවුණු චරිත කිහිපයක් ඇති බවට සැකයක්ද මතුව ඇත. එම චරිත කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි නොකළත් වැඩිකල් නොගොස් කුඩාගොඩ ගේ පවුලේ සමීපතයින් කිහිප දෙනෙකු නීතියේ රැහැනට හසුවනු ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මේ වන විටත් මෙම ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ පැතිකඩ ගණනාවක් ඔස්සේ පවුලේ කිහිප දෙනෙක් පස්සේ පන්නමින් සිටින බැවිනි.

Advertisement
දැන් විමර්ශන නිලධාරීන්ට ඉතිරිව ඇත්තේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන් කුඩාගොඩගේ බිරිඳගේ සහෝදරයා කොටුකර ගන්නටය. ඉදිරි දින කිහිපය තුළ ඔහුව සාක්ෂි ගොන්නක් සහිතව තිලංග සංජීව ඇතුළු විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු නියතය. එහිදී ඔහුගෙන් හෙළිවන තොරතුරු මත මෙම ඝාතන සැලසුම පිටුපස සිටින තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇත.
ගයාන් කුමාර වීරසිංහ

Make a Comme

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *