Latest Articles
Search

ඩිජිටල් එන්නත් හැදුනුම්පත නිකුත් වේ

92

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් එන්නත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් පරිශ්‍රයේදී අද(19) උදැසන ජනගත කෙරුණා.

Advertisement

මෙම විශේෂ මෘදුකාංගය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික ඒජනිසිය හෙවත් ICTA විසින් සංවර්ධනය කර ඇති අතර මේ ඔස්සේ මහජනතාවට එන්නත් ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය (online)ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර එන්නත් ලබා ගැනීම සඳහා කලින් වෙලාවක් වෙන් කර ගැනීමට හැකියාව ලැබීමද ජාත්‍යන්තරව පිළිගත් ඩිජිටල් එන්නත් සහතිකයක් නිකුත් කිරීමද සිදුවේ. ජාතික එන්නත් කරන වැඩපිළිවෙල විධිමත් කිරීම හා වේගවත් කිරීම මේ වැඩපිළිවෙල ඔස්සේ බලාපොරොත්තුවේ.

Advertisement

ජනාධිපතිවරයාගේ උපදෙස් හා සෞඛ්‍ය අමත්‍යංශයේ සහයෝගය මත ICTA විසින් මෙම මෘදුකාංගය සංවර්ධනය කර ඇත.

Advertisement

අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.

Advertisement

මෘදුකාංගය ජනගත කරන අවස්තාවට ICTA ආයතනයේ සභාපති ලලිත් ගමගේ මහතා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලුතිනන් ජෙනරාල් සන්ජීව මුනසිංහ යන මහත්වරුන් සහභාගී වී සිටියේය.

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *