Latest Articles
Search

දියතලාව අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

574

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

Advertisement

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවය.

Advertisement

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

Advertisement

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

Advertisement

මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Advertisement

මේ අතර රෝහල්ගතකර සිටින පුද්ගලයින් 21 දෙනා අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Advertisement

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *