BREAKING NEWS
Search

හෝමූස් වසා දමයි – නැව්වලට පහරදෙන බවටත් ඉරානයෙන් අනතුරු ඇඟවීම්

36

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් මෙම දැඩි තීරණයට පිවිස ඇත.

ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හැඳින්වේ.

මෙහි පටුම ස්ථානය සැතපුම් 21ක් පමණ වන අතර, නැව් ගමනාගමනය සඳහා ඇති මාවත සැතපුම් 2ක් තරම් ඉතා පටුය.

සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය ද මෙය වේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය ඉරානයට පමණක් අයත් බව බොහෝදෙනාගේ මතය නමුත් සැබෑ තත්ත්වය එසේ නොවේ.

මෙය පිහිටා ඇත්තේ උතුරින් ඉරානයටත්, දකුණින් ඕමානයටත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මැදිවය.

මෙහි නාවික ගමන් මාර්ග වැඩිපුරම වැටී ඇත්තේ ඕමානයට අයත් මුහුදු සීමාව තුළ වීම විශේෂත්වයකි.

මෙහි පටු බව හේතුවෙන් නෞකාවලට ඉරාන මුහුදු සීමාව හරහා ද ගමන් කිරීමට සිදුවේ.

එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය අනුව මෙය ‘ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක්’ ලෙස සැලකේ. එබැවින් කිසිදු රටකට එහි සාමකාමී නාවික ගමනාගමනය අවහිර කිරීමට නීතිමය අයිතියක් නොමැත.

හෝමූස් වසා දැමීම තුළ පවතින අවදානම 

ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ගමන් කරන්නේ මෙම සන්ධිය හරහාය.

මෙය වසා දැමීම යනු ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් එකවර නතර වීම බවද වාර්තා වේ.

එමෙන්ම මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් ඉහළ යාම, ගෝලීය උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණ වීම ආදිය සිදුවිය හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *