Latest Articles
Search

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?

116

ඊශ්‍රායලය  විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ  ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත්   එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන  ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන්  බරපතල අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

Advertisement

ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා  නොපැවැත්වුවද  ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා  රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද ඔහු සඳහන් කළේය.

Advertisement

ඉරානය සිය තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම කරන්නේ චීනයටය. මීට  අමතරව ඉරානය  ඉන්දියාවට සහ ජපානයටද ඉන්ධන අපනයනය කරන බව  පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන සැලකිය යුතු ලෙස මිලදී ගන්නා බවද සඳහන් කළේය.

Advertisement

එසේම ශ්‍රී ලංකාව ඉරානයට  ඩොලර් මිලියන 80ක පමණ භාණ්ඩ  අපනයනය  කරන අතර ඉරානයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ ආනයනය කරයි. ඉරානය ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතර සිටින්නේ   61 වැනි ස්ථානයේය.

Advertisement

ඊශ්‍රායලය ඉරානයට ඊයේ (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මධ්‍යම ඉරානයේ ඉස්ෆහන් පළාත ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කෙරිණු මෙම ප්‍රහාරයෙන්  ඉරානයේ  ආභ්‍යන්තර ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.

Advertisement

එසේම ඇමරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට විවිධ සම්බාධක පනවා ඇතැයිද  විදෙස් පුවත් වාර්තා සඳහන් කළේය.

Advertisement

ඊශ්‍රායලය ලිබියාවේ  පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

Advertisement

ඉරානය ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ඩ්‍රෝනා  සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ  කළේය. ඊශ්‍රායලය ඉරානයට  පෙරේදා ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස යැයි  පැවසේ.

Advertisement

මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම් සහ එදිරිවාදිකම්  ඉතිරි දිනවල තවදුරටත් වැඩිවිය හැකි බවට  දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති.එසේම  මෙම ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්ද  පවතින බව ඔවුහු  වැඩිදුරටත් පෙන්වා දෙති.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *