ඔයා දන්නවා මං ඔයා එනකල් බලන් ඉන්නේ කියලා – අකාලයේ මිලින වූ ඉශාන් නිමන්ත නිසා මුහුණුපොත සංවේදී වෙයි

963

ඉශාන් නිමන්ත රිය අනතුරකින් ජීවිතය හැර ගිය ඔහු කවුරු අතරත් ජනප්‍රිය, තරුණ සංගීත ශිල්පියෙක්.

Advertisement

වාර්තා වුණු පරිදි තලාව ප්‍රදේශයේදී ඔහු අනතුරට ලක්ව තිබුණේ වැඩසටහනකට සහභාගීවීමෙන් පසුව සිය නිවස වෙත යමින් සිටියදී.

Advertisement

ඒ අනුව ඔහු ගමන් කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඉශාන්ගේ ජීවිතය මහා දුරකට අරන් ගිහින් තිබුණා.

Advertisement

ඉශාන්ගේ මරණයෙන් සංවේදී වූවන් තබන ලද සටහන් මහ හුඟක් අතර, අපේ ඇස මදකට නතර කළ සටහනක් ලියවිලා තිබුණා.

Advertisement

”ඔයා දන්නවා මං ඔයා එනකල් බලන් ඉන්නේ කියලා…

Advertisement

මං තාමත් ඔයා එනකල් බලන් ඉන්නවා මගේ සුදු මහත්තයෝ…”

Advertisement

”අවුරුදු 9 ක් එකට හිටපු ඔයාගෙ ඒ ආදරවන්තිය අද තනිවෙලා මගෙ රත්තරං අයියේ,,,”

Advertisement

”ඇයි මගෙ රත්තරං මගෙ අක්කව දාලා යන්න ගියෙ ඔයා ,,

Advertisement

අවුරුදු 9 ක් අක්කා එක්ක එකට ඉදලා ඔයා අපිට නොකියම යන්න ගියා ,,

Advertisement

අවුරුද්දට අපි ලොකුවටම ලස්සන පාටියක් දාන්න හිටියේ මැනික ,,,

Advertisement

හිතාගන්න බෑ දෙයියනේ ,,

Advertisement

ඔයා නැති අඩුව දැනේවි සෑහෙන්න”

Advertisement

”අපි සේරටම ලොකු පාඩමක් දීලයි උඹ යන්න ගියෙ..

Advertisement

මේ ක්ෂේත්‍රයේ අපි හැමෝම මාසෙන් වැඩි දින ගානක් නිදිමරන අය..

Advertisement

අපි ගොඩක් පාන්දරට ගෙදර එන්න දගලන්නෙ නිදහසේ නිදියන්න හරි පහුවදාට තියන වැඩ කරගන්න බලාගෙන..

Advertisement

ඇස් පියවෙන්න යන්නෙ තප්පරයයි..

Advertisement

උඹට මොනව වෙලා මේක උනාද කියන එක අපි කවුරුත් හරියටම දන්නෙ නෑ..

Advertisement

ඒත් මේක අපි හැමෝටම හොද පාඩමක්…

Advertisement

ඉශාන් මල්ලි උඹ ආයේ එන්නෙ නෑ..

Advertisement

ඒ අඩුව හැමදාම තියෙයි… උඹට සුභ ගමන්…”

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *