ශ්‍රී පාදය කරුණාකර ලංකාවෙන් ලෝක වාර්තාවක් තබයි

126

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා ඊයේ (09) දින පස්වරුවේ සමත් වුණා.

Advertisement

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ පෙරේදා (08) දින පස්වරු 3.00ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කල ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 1 විනාඩි 20 ක් තුල ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර එතැන් සිට දෙවනුව ශ්‍රි පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රි පාද උඩ මළුවට ළගා වුණා.

Advertisement

තෙවනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහලට බැස එම මාර්ගයෙන්ම යලිත් ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි සිව්වනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද මාලින්බොඩ මාර්ගය මාලින්බොඩ දක්වා බැස එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රි පාද උඩ මළුව වෙත ඊයේ (09) දින පස්වරු 1.15 පමණ ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි ශ්‍රි පාද උඩ මළුවේ සිට යලිත් නල්ලතන්නිය දක්වා පැය 1 විනාඩි 40 ක් තුල නල්ලතන්නිය වෙත පැමිණ සිය වාර්තාව පිහිටුවිමට සමත් වුණා.

Advertisement

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමට අපෙක්ෂා කල කාලයට වඩා විනාඩි 14 ක් කලින් කිලෝමිටර් 88.8 ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවිමට සමත් වුණා.

Advertisement

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමේ පාගමනට ශ්‍රි ලංකා නාවික හමුවේ නිලධාරින් රැසක් සහ ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සමාජිකයන්ගේ සහය ලැබි තිබුණි.

Advertisement

සෙරන්ඩිප් ගිනස් වාර්තාව සාර්ථක ලෙස පිහිටුවිමට සමත් වු රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ ඔහුට සහය දැක් වු සියළු පාර්ශවයන් සමග යලිත් ශ්‍රි පාද මළුව වෙත ගොස් ආශිර්වාද පුජාවන් ගණනාවකට සහභාගි විමට නියමිතයි.

Advertisement

සෙරන්ඩිප් ලෝක වාර්තා සංවිධානයේ මෙරට සමාජික වෛද්‍ය ලාල් ඒකනායක මහතා කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රියන්ස්ලි ලියනගේ මහතා මාර්ග හතරක් ඔස්සේ පැය 23 විනාඩි 46 ක් තුල ශ්‍රි පාදස්ථානය පාගමනින් ගොස් කරුණා කිරිමට සමත්විම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට ඊයේ (09) දින පස්වරුවේ දැනුම් දුන් බවත්, ඒ අනුව සති දෙකක් ඇතුලත ගිනස් වාර්තා සංවිධානය විසින් අදාල වාර්තාව නිකුත් කිරිමට නියමිත බවයි.

Advertisement

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 24 ක් තුල කිලෝමිටර් 88.8 පාගමනින් ගොස් තැබු වාර්තාවක් ලෙස ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බවයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *