පොලිස් පහරින් සාජන් පුතාගේ වුෂණ කෝෂ කපා ඉවත් කරලා

943

මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Advertisement

මෙසේ තුවාල ලබා සිටින්නේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයෙකි.

Advertisement

මෙම තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙකි.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Advertisement

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියෙ රථ වාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් වෙනත් පොලිසිවලට මාරු කර යවනු ලැබ සිටිති.

Advertisement

මෙම පහරදීම සිදු වී ඇත්තේ ඉකුත් 7 වැනිදාය.

Advertisement

තරුණයා ලොරියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති පොලිසි නිලධාරීන් දෙදෙනකු ලොරිය මඟ හරස් කර නතර කරවාගෙන තමාටත් තමාගේ යහළුවකුටත් අත පය ගැට ගසා වාහනයකට දමා පහර දුන් බවට ඔහුගේ මව මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *