කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා – කෝටිපතියකු වුවත් තාමත් පොල් කඩනවලු…

223

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

Advertisement

මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ එම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් අද (10) පැවැසීය.

Advertisement

මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙනි.

Advertisement

ලොතරැයි පත් දෙකකින් විශාල මුදල් සම්භාරයක් ජයග්‍රහණයක් ලැබූ මොහු නැසී ගිය අතිශය ජනප්‍රිය සිනමා නළුවකුගේ නමින් හැඳින්වෙන අයෙකි.

Advertisement

නිතිපතාම පාහේ ලොතරැයි පත් මිලදී ගන්නා මෙම පුද්ගලයා එම ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලාය.

Advertisement

පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැයි පත් දහයක් පමණ මිලදීගෙන යන බව කියති.

Advertisement

ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.

Advertisement

රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැවසේ.

Advertisement

වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් කියති.

Advertisement

දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඩීම සඳහාය.

Advertisement

කෝටිපතියකු වෙලත් පොල් කඩන්නේ ඇයිදැයි කියා විමසන අවස්ථාවේ ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් ලබා නොදෙන බව ප්‍රදේශවාසීහු කියති.

Advertisement

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණු කාරණා අවබෝධ කර දී එම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇත.

Advertisement

මීට වසර එක හමාරකට පමණ ඉහතදී මෙම පොල් කඩන්නාට රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවීමේ පුවත ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවිය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *