Latest Articles
Search

රියදුරා මහා විනාසයක් වලක්වාගනී.. ලංගම බසයක් අනතුරට ලක්වී රියදුරු සහ සිසුන් පිරිසක් රෝහලේ..

64
හැමදාමත් වගේ සුපුරුදු මාර්ගයේ අද උදෑසනත් ඒ බස් රථය ධාවන වුණේ පුංචි පැටව්ටික පරිස්සමෙන් පාසලට ගෙනියන්න වුණත්, වෙලා තියෙන්නේ කවුරුත් හිතන්නේ නැති දෙයක්..

Advertisement
අද උදෑසන නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් අනතුරකට ලක්ව තිබුණා..

Advertisement

මෙම අනතුර සිදුවුණේ අද  උදෑසන 6.45 ට පමණ නාවලපිටිය දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය දෙකේ කණුව ප්‍රදේශයේදියි..

Advertisement
මෙම අනතුරෙන් ඒ මොහොතේ එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු , මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා..

Advertisement

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබු අවස්ථාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදිමත් සමග බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අභියස පිහිටි කන්දක ගැටිමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පවසන්නේ..

Advertisement

කෙසේ වෙතත්, බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300 ක පමණ අධික බැවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරලිම වලක්වා ගනිමින් සිදු විමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියා.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *