Latest Articles
Search

“ලොකු කතා අදාළ නෑ” “හරි දේ කළොත් දිනන්න පුළුවන්” අද තරගය ගැන නායක දසුන් ශානක කියන කතාව

120
අද තරගය සදහා සිය කණ්ඩායම ඉතා හොඳ සූදානමක සහ යහපත් මානසික තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (05) සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවති මාධ්‍ය හමුවක දී ඉන්දීය මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සපයමින්.

Advertisement

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් හෙට (06) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

Advertisement

මේ තරගය ඉන්දීය කණ්ඩායමට අතිශය තීරණාත්මක වන්නේ, යම් හෙයකින් මේ තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය වුව හොත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථා අහිමි වීම හේතුවෙන්.

Advertisement

ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය මාධ්‍යවේදීන් ඊයේ පාකිස්තානය සමඟ ඉන්දීය කණ්ඩායම තරග වැදුණු ආකාරය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ දසුන් ශානක කියා සිටියේ, ඉන්දීය කණ්ඩායම පීඩනයකින් තොර ව පාකිස්ථාන කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ ආකාරයක් තමන් දුටු බව යි.

Advertisement

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වන විරාත් කෝලි මේ වන විට ලකුණු අතරට පැමිණ සිටීමත් ඉතා වැදගත් තීරණාත්මක සාධකයක් බවත් ඔහු කියා සිටියා.

Advertisement

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සියලු කරුණු සලකා බලා හෙට තරගයට සූදානම් වී ඇති බවත් තරග සැලැස්ම තරග දිනය අනුව වෙනස් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

Advertisement

මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ පිළිබඳ අදහස් දැක්වූ දසුන් ශානක සඳහන් කළේ, පිතිකරුවන් සියල්ල ලකුණු අතරට පැමිණ සිටීම සහ ඔවුන් අතරේ යම් කිසි විශ්වාසයක් ගොඩ ගොඩ නැඟී තිබීම යහපත් කාරණයක් බව යි.

Advertisement

හෙට තරගයේ දී පිතිකරුවන් හට ඉතා වැඩි වගකීම් ප්‍රමාණයක් පැවරෙන බවත් ඔහු අවධාරණය කළා.

Advertisement

මේ අතර, දිගින් දිගට ම අසාර්ථක වන චරිත් අසලංක වෙනුවට වෙන ක්‍රීඩකයෙකු ආදේශ කරන්නේ දැ යි යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ, බොහෝ විට හෙට ඒ අවස්ථාව ධනංජය ද සිල්වා හට ලැබීමට ඇති ඉඩකඩ වැඩි බව යි.

Advertisement

කෙසේ වෙතත් මේ දක්වා හෙට තරගය ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරාගෙන නොමැති බවත් තේරිම් කමිටු සාමාජිකයන් හා සාකච්ඡා කර අවසන් තීරණය ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Advertisement

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දසුන් ශානක කියා සිටියේ, හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතු ව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට යි.

Advertisement

එමෙන්ම පිටියෙන් එපිට සිදු කෙරෙන අදහස් දැක්වීම් සහ කතාබහ සම්බන්ධයෙන් තමන් වැඩි උනන්දුවක් නැති බවත් ලොකු කතා සිදු නො කර ක්‍රීඩා පිටියේ උපරිම දේ සිදු කිරීම හරහා ජයග්‍රහණ කණ්ඩායමට ළඟා කරගත හැකි බවත් ඔහු සඳහන් කළා.

Advertisement
Source:Hirugossip

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *