Latest Articles
Search

ග්‍රහලොව සුකුමාලිය මීන රාශියට – ලග්න 6කට ප්‍රබල මංගල යෝග

601

ධනය බලය වාසනාව රූප සොබාව හිතමිතුරුකම් මූලිකත්වය දේශපාලනය තුල ඉහළට ඔසවා තබන නායකත්වය ජන ප්‍රසාදය සියළුම සැප දෙන සිකුරු ග්‍රහයා වර්‍ෂ 2024 මාර්තු මාසේ 31 වන ඉරිදා දින සවස 4.47 මීන රාශි ගතවෙයි.

Advertisement

■ ලග්න 9 ට ප්‍රබල ශුභඵල උදාවෙයි. මෙම වාසනාවන්ත ග්‍රහ ගමණ ඔබගේ කේන්ද්‍රය තුල සිකුරු ශුභව බලවත්ව සිටීනම් සිකුරුගේ මහා දශාව හෝ අන්තර් දශාව ලබා ඇති නම්, ශුභ අධිකව ලැබේ.

Advertisement

ප්‍රබල මංගල යෝග උදාවේ. විවාහ වීමට ශුභ කාලයයි.
වාසනාවන්ත දරුවන් ලක්ෂණ දරුවන් පිළිසිඳ ගැනීමට සුභවේ.
වාසනාවන්ත දරුවන් ලැබීමටද ශුභ කාලයයි.

Advertisement

නව හිත මිතුරු සබඳතා ඇතිවෙයි.
තරහා අය මිතුරු විමට බලයි.
ඉඩම් ගෙවල් වාහන මිලදිගන්නා සිතා සිටින අයට එම සිතුම් පැතුම් ඉටුවෙයි.
කාන්තා හඩ ප්‍රබලයි. කාන්තා බලය වැඩිවෙයි.
දේශපාලනය කරන කාන්තාවන්ටද තම වටිනා අදහස් ජනතාව වෙත කිමට ශුභ කාලයයි.
පිං කරන පිංවන්ත කාන්තා බලය තවතවත් වැඩි වෙන කාලයයි.
■ මේෂ ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල දොලොස්වැන්න සිකුරුගේ පැමිණිම ඔබට මධ්‍යස්ථ ඵල උදාවේ. විදේශ ගමන් යාමට

Advertisement

බලාපොරොත්තු අයට යහපත් වෙයි. දුරගමන් යෙදේ. රෝගීන්ට අසරණ අයව රැකබලාගන්නා අයට යම් සහන තත්වයක් උදාවේ.

Advertisement

■ වෘෂභ ලග්න :- ඔබගේ කේන්ද්‍රය තුල එලොස්වැන්න මෙම ග්‍රහමාරුව සිදුවෙයි. ඔබට දියුණුවට ශුභයි. ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වන සිකුරු ඔබට ශුභඵල උදා කරයි.

Advertisement

මංගලයෝජනා උදාවේ. විවාහ වීමට සිටින අයටද ශුභයි ශුභ ඵල ලැබිමටද ශුභයි.

Advertisement

■ මිථුන ලග්න :- ඔබගේ කේන්ද්‍රය තුල දසවැන්නට සිකුරු පැමිණීම යහපත් වෙයි. වෙළඳාම් කරන අයට ව්‍යාපාර කරන අයට ශුභ කාලයක් උදාවේ. රැකියාවේ දියුණුව රැකියා බලාපොරොත්තු අයට ඒවා ලැබීම උසස්වීම් ලැබිමටද ශුභ වේ.

Advertisement

අතමිට සරුවේ. ඔබට නියම මංගල යෝජනා උදාවෙයි. දශවැන්න බලවත් වීම. රැකියා දියුණුවට ඉතාම ශුභය. අතින් වෙළඳාම් ව්‍යාපාර පටන් ගන්න ශුභයි.

Advertisement

■ කටක ලග්න :- ඔබගේ කේන්ද්‍රය තුල නමවැන්න හෙවත් ප්‍රත්‍යස්ථානයට සිකුරු පැමිණෙයි. විදේශ ගමන් වලට ශුභයි. තම අදහස් ඉටුවෙයි. මංගල යෝගද උදාවේ. හොඳ මිතුරන් ඇතිවෙයි. වන්දනා ගමන් දුරගමන් යාමට කරුණු උදාවේ. පිං කරන්න අවස්ථාව උදාවෙයි. පිං බලය වැඩි වෙයි. පවුලේ සතුට ඇතිවෙයි.

Advertisement

■ සිංහ ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල අටවැන්න සිකුරු පැමිණීම ඒ තරම් ශුභ නැත. සිකුරු දශා ගත කරන අයට මාරක තරම් අගුණ උදාවේ. නමුත් දරුවන් ලැබීම තුල ලක්ෂණ දරුවන් ලැබීමට හේතුවෙයි. රෝගි වීමට ඇත. මුත්‍රාවල හා තුනටියේ රෝග මතුවීමට ඇත.

Advertisement

■ කන්‍යා ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල හත්වනභාවයට සිකුරුගේ පැමිණීම යහපත් වේ. ප්‍රබල මංගල යෝග උදාවේ. විවාහ විමට අදහස් කරන අයට විවාහය ශුභවේ. යහපත් දරුවන් පිළිසිඳ ගැනීමටද ශුභය. හිතවත්කම් ඇතිවේ. නව මිතුරු සබඳකම් ඇතිවේ. හවුලේ කරන දෙයින් වැඩිවාසි අත්වෙයි. සතුටින් ඉන්නට හැකිවේ.මෙම යෝගයේ ගුණ ඔබට නොඅඩුව අත්වෙයි. හත්වන කේන්ද්‍රස්ථානය නියම මාලවී යෝගය උදාවයෙි.

Advertisement

■ තුලා ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල හයවන භාවයට සිකුරුගේ පැමිණිම ඔබට මධ්‍යස්ථ ගුණ උදාවෙයි. තරහාකරුවන් මිතුරුවිමට බලයි. නොදුන්නය ලබාගැනීමටද ශුභයි. විදේශගත වීම් බලාපොරොත්තු වන අයටත් ශුභයි. දියුණුවට යහපත් වේ. බඩේ රෝග ආමාශගත රෝග මතුවිමට ඇත.

Advertisement

■ වෘශ්චික ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල පස්වැන්න සිකුරුගේ පැමිණිම සිදුවෙයි. නිර්මාණ කටයුතු හා කලා කටයුතු සිංදු සංගීත නැටුම් කරය අයට යහපත් වේ. වාසනාවන්ත දරු උපන් වලටත් ශුභයි. ඉගෙන ගන්න අයටද ශුභයි. ලක්ෂණ වීමට සිත් පහළ වෙයි. නිතරම ලක්ෂණ වීමට බලයි.

Advertisement

■ ධනු ලග්නය :- ඔබගේ කේන්ද්‍රයේ හතරවැනි හෙවත් කේන්ද්‍රස්ථානයට සිකුරුගේ පැමිණීම නියම මාලවි යෝගය උදාවේ. නමුත් ධනු ලග්න ඔබට සිකුරු සතුරු ග්‍රහයෙකු බැවින් ගුණ තරමක් අඩුවුවත් ඔබගේ යහපත් පැවැත්ම මත වාසනාව උදාවේ. ඉඩම් මිලදී ගැනීමට ගෙදර දියුණුවට කටයුතු කිරීම හා වාහන මිලදී ගන්න සිතන අයට ද ශුභයි. තිබෙන වාහනය විකුණා ගන්න අදහස් කරන අයට තම සිතුම් ඉටුවෙයි. සිකුරු කේන්ද්‍රය තුල උපදින විට බලවත් නම් බොහෝ ශුභ ඵල උදාවෙයි.

Advertisement

■ මකර ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල තුන්වැන්නට හෙවත් වික්‍රම ස්ථානයට සිකුරුගේ පැමිණිම යහපත් වෙයි. තරගවලට දිනිම්

Advertisement

වලට ඉදිරිපත් වන අයට ශුභයි. නෑයෝ සහෝදරයින්ට ඔබගෙන් ශුභ වෙයි. නෑයෝ සමඟ එකමුතුව ගමන් යාමට කරුණු උදාවෙයි. විදේශගතවීම් වලටත් ශුභයි. අතපසු වුන වැඩ පටන් ගන්නටත් ශුභයි දියුණුව ඇතිවේ. යහපත් වෙයි.

Advertisement

■ කුම්භ ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල දෙවැන්නට සිකුරුගේ පැමිණීමයහපත් වේ. ඔබට ශුභ ග්‍රහයෙකු වන සිකුරු ධන බලය ලබාදෙයි. අතමිට සරු වීමට කරුණු උදාකරයි. යහපත්ව සාදාරණව කටයුතු කර දියුණුව ලබාගන්න හදිසි ධන ලාභ වලටත් ශුභයි. නොදුන්නය ලබාගන්න ශුභයි. හිතවත් අය උදව් කරයි. තමාගේ වචනයට පිට අය අවනත වෙන බවක් ඇතිවෙයි. කතාවේ බලය ඇතිවෙයි. ඉගෙනීම් වලටත් ශුභයි. කලා කටයුතු කරන අයටත් ශුභයි.

Advertisement

■ මීන ලග්නය :- ඔබගේ කේන්ද්‍රය තුල ලග්න භාවයට සිකුරුගේ පැමිණිම ඔබට නියම මාලවි යෝගයේ ඵල අත්වෙයි. ප්‍රබල මංගල යෝග උදාවේ. විවාහ වීමට අදහස් කරන අයට විවාහ විමට ශූභයි. යහපත් දරුවන් පිළසිද ගන්නටත් ශුභයි.

Advertisement

පිංබලය ඉස්මතුවේ. ලක්ෂණ වේ. තමාට කවුරුත් ප්‍රියතාවය ඇතිවෙයි. හිත මිතුරු සබඳකම් ඇතිවේ. නිතරම ලක්ෂණට පිළිවෙලට ඉන්නට බලයි. හිත සතුට ඇතිවෙයි. ශ්‍රියා කාන්තාව ලඟාවෙයි. මූණේ අමුතුම දීප්තියක් ඇතිවෙයි.

Advertisement

■ මෙම සිකුරුගේ මීන රාශියට පැමිණීම තුල අශුභ උදාවීම් ඇති අයට යහපත උදාවීමට එන දෝෂ මගහරවා ගන්නට.

Advertisement

■ බෝධි පූජාව දින 3 ක් තබන ගමන් පත්තිනි මෑණිට කහමල් වට්ටි 3 ක් පූජා කරන්න. තලතෙල් පහන් 3 දල්වා පිං දෙන්න.

Advertisement

■ කිරි අම්මා දානයට උදව් කරන්න කිරිඅම්මා දානයට පිරිකර දිම, ශුභයි.

Advertisement

■ සරස්වතී මෑණිට සුදු නෙළුම් මල් 7.21 පූජා කිරීමත් ශුභයි. විෂ්ණු දෙවිට නිල් මානෙල් මල් 7 පූජා කිරීමත් ශුභයි.

Advertisement

■ කුඩා ළමයි කන්‍යා දැරිවියන්ට කෑම වේලක් දිමත් යහපත් වෙයි

Advertisement

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විද්‍යා විශ්වකීර්ති
නිහාල් හේවාබටගොඩගේ

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *