පොල්වත්ත ගඟේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට

129

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

Advertisement

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකි.

Advertisement

එම දරුවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් සිය මව්පියන් සමග ගඟේ දියනෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇත.

Advertisement

දියේ ගිලීමෙන් අනතුරුව ගොඩට ගත් දරුවන් ඉමදූව රෝහල වෙත ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Advertisement

යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *