Latest Articles
Search

නින්ද යෑම නිසා ජීවිතයක් අහිමිවෙයි

353

මහියංගනය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මාපාකඩ ප්‍රදේශයේ සිද්ධ වු රිය අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Advertisement

ඊයේ (27) අලුයම් කාලයේදී, මොනරාගල සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රියක් රියදුරුට නින්ද යෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක වැදී තිබුණි.

Advertisement

එහිදී ප්‍රතිකාර සඳහා රියදුරා සහ තවත් පුද්ගලයෙක්ව රෝහල්ගත කළ අතර රියදුරා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Advertisement

ඔහු නක්කල, මොනරාගල පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

Advertisement

නියඟය වසන්තයක් කරගත් නොමිනිසුන්

ජලය සොයා පැමිණෙන සතුන් දඩයම් කිරීමේ නිරත සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Advertisement

පවතින නියං තත්ත්වය හේතුවෙන් ජලය සොයා විල්පත්තුව වන උද්‍යානය සහ තබ්බෝව අභය භූමිය මැදින් ගලා යන කලා ඔයට පැමිණෙන සතුන් සංවිධානාත්මක ලෙස දඩයම් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Advertisement

ඒ, වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

Advertisement

මොවුන් දින ගණන් කඳවුරු බැඳ වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිට ඇති අතර ඔවුන් සතුව තිබී කොටන ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක්, පිහි, විදුලි පන්දම්, මූනිස්සම් පුරවන පතොරම් කොපු, මූනිස්සම්, අහස්කූරු, යතුරුපැදි 7ක් සහ කූඩාරම්ද සොයාගෙන තිබේ.

Advertisement

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35 ත් 67 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වනාතවිල්ලුව, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ය.

Advertisement

වැටලීම අතරතුරදී තවත් සැකකරුවන් 8 දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

Advertisement

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *