Latest Articles
Search

ගම්පහ ඇවිත් මට ඉන්න තැනක් නෑ…කෝකිලා සංවේදී වෙයි

203

තමන්ට ගම්පහ ඇවිත් ඉන්න තැනක් නැති නිසා ආසනයට එන්නේ සතියකට දෙතුන් වතාවක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය පවසයි.

Advertisement

මීරිගම පැවති පොහොට්ටු අසන බල මණ්ඩලය අමතා සංවේදී වෙමින් ඇය මේ බව කියා සිටියා.

Advertisement

“බල මණ්ඩලයට ලෑස්ති වෙද්දි මම හිතුවා මගේ ජනතාවට මාව අමතක වෙලා ඇති කියලා.මම ආසනයට එන්නේ සතියට දවස් දෙක තුනයි.මොකද මම ආවාට මේ ආසනයේ නවතින්න තැනක් නැහැ.ඒ නිසා මම මේ බල මණ්ඩලය කළේ බොහොම බයෙන්.
මගේ අයියා නැති වුණාම ජනතාව තමයි මට දේශපාලනය කරන්න කිව්වේ.

Advertisement

මේ ජනතාව කවදාවත්ම මාව වැට්ටෙව්වේ නෑ.මාව හැමදාම ශක්තිමත්ව අල්ලගෙන හිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ආදරයෙන් බිහි කළ පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අපිට මතයක් නැති වෙන කොට මහින්ද රාජපක්ෂ මහතා එකතු වෙලා මේ පක්ෂය ගොඩනැගුව. අදටත් මෙරට තිබෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.”

Advertisement

දේශපාලන වාර්තාකරු

Advertisement

උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන් – රජයේ අලුත්ම තීරණය එළියට

උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.

Advertisement

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂයයන් කිහිපයක් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනෙන්නේ දෙවසරක කොන්ත්‍රාත් කාලයකටය.

Advertisement

මෙම ඉල්ලීමට අදාළ මහාභාණ්ඩාගාර නිරීක්ෂණ මෙම සතියේ ලැබීමට නියමිතයි.

Advertisement

මේ අතර උපාධිධාරීන් පන්දහස් හාරසියය දෙනෙක් ගුරු සේවයට බඳවා ගැනීමේ කටයුතුද සිදු කෙරෙමින් පවති.

Advertisement

එම උපාධිධාරීන්ගෙන් එක්දහස් හත්සියයක් බඳවා ගැනෙන්නේ ජාතික පාසල්වලටය. ඔවුන් බඳවා ගැනීමේ තරග විභාග ඉක්මනින්ම පැවැත්වීමට නියමිතයි.

Advertisement

එමෙන්ම වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් ගුරු සහායකයෝ දෙදහස් පන්සිය තිස්පස් දෙනෙක් බඳවා ගැනීමටද ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

Advertisement

මෙම පිරිස බඳවා ගැනෙන්නේ වසර තුනකින් පසු ස්ථිර කිරීමේ පදනම මතයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *