Latest Articles
Search

පාපන්දු තරුව කිඹුලෙකුට බිලිවෙයි

1203

පාපන්දු ක්‍රීඩකයෙකු කිඹුලෙකුට ගොදුරු වී ජීවිතක්ෂයට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Advertisement

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්ටරිකා හි පාපන්දු ක්‍රීඩකයෙකි.

Advertisement

“චූචෝ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Jesus Alberto Lopez Ortiz නමැති ක්‍රීඩකයා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Advertisement

මියයන විට ඔහු 29 හැවිරිදි වියේ පසුවිය.

Advertisement

Río Cañas ගංගාවේ පිහිනමින් සිටියදී ඔහු මෙලෙස කිඹුලෙකුට ගොදුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Advertisement

මේ අතර ඇතැම් මාධ්‍ය “චූචෝ” කිඹුලාට ගොදුරුවූ අවස්ථාවේ ජංගම දුරකථනවල පටිගතව තිබූ දර්ශන මෙලෙස වාර්තා කර තිබුණි.

Advertisement

සංවේදී දර්ශන සහිතයි.

Advertisement

Advertisement

හෙද වර්ජනයක අවදානමක්

කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

Advertisement

එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් ක‍රන්නේ, එසේ නොමැති වුවහොත් දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බවය.

Advertisement

“ගමේ කතාවක් තිබෙන්නේ වෙදකම හොඳ වුණත් හෙදකම නරක් වුණොත් රෝගියා මියයනවා කියන කතාව. ඇත්ත වශයෙන්ම හෙදවරයෙක් හෙදවරියක් උසස් මට්ටමක අධ්‍යාපනය ලබමින් සිටියොත් එකේ ප්‍රයෝජනය තියෙන්නේ රෝගියාට. රෝගි සාත්තුවට උසස් පෙළ විද්‍යා විෂය සමත් අය බඳවා ගත්තේ.

Advertisement

නමුත් මේ හෙද හිඟයක් පවතිනවා කියලා කලා විෂයන්ගෙන් බඳවා ගැනීමට උපදෙස් දීලා තියෙනවා. දුරදිග නොබලා කවුරුහරි කේවට්ට උපදෙසක් ජනාධිපතිතුමාට දිලා කියලා තමයි අපට හිතෙන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රතු නිවේදනයක් පෙන්වනවා. මේ ප්‍රකාශය නිකුත් කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවෙනවා.

Advertisement

ඒක හොඳ දෙයක් නෙමේ. අකමැත්තෙන් හරි දිවයින පුරාම මහත් විරෝධයක් සිදුකරන්න සිද්ධ වෙන බවයි අපිට පැහැදිලිව පෙන්නේ.”

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *