Latest Articles
Search

මුදලාලී මාමා අපිට ටොපී,චොකලට් එහෙම දෙනවා අම්මේ.. පුංචි පුංචි තෑගී දී මල් කැකුළු තැලූ මුදලාලී

239
කාලය හරි භයානක කාලයක්.බොහෝ වෙලාවට අහන්න දකින්න ලැබෙන්න අපි කවුරුවත් නොසිතන දේවල්.මේ කියන්න යන කතාවත් ඒ වගේ කතාවක්.
මේ පුංචි මල් කැකුළු දෙකකට හදි කල නරුමයෙකුගේ කතාවක්.

Advertisement

වැලිගම ප්‍රදේශයේ ජීවත් වන අවුරුදු 10ක් සහ අවුරුදු 8ක් වයසැති මේ පුංචි පිරිමි දරුවන් දෙදෙනා හැමදාම සෙල්ලම් කරන්නේ,ඉස්කෝලේ යන්නෙ එකටමයි.

Advertisement

මොකද මේ දරුවන් දෙදෙනාගේ මවුවරුන් දෙදෙනාත් එක කුස උපන් සහෝදරියන් වීමත් මේ බැඳීමට හේතුවක් වෙන්න ඇති.

Advertisement

දවසක් මේ දරුවන් දෙදෙනා ගෙවල් ලඟ කඩේට යන්නේ ඔවුන්ගේ නිවසට යමක් ගෙන එන්නැයි මව පැවසීමෙන් පසුව.

Advertisement

වෙනදටත් කඩේට යන මේ දෙදෙනාට කඩේ මුදලාලී වෙනදා මෙන් නොව දැන් ටොපී,චොකලට් දෙන්නේ හරි ආදරයෙන්.

Advertisement

දෙදෙනාටම ලැබෙන මේ පුංචි පුංචි තෑගි නිසා දෙදෙනාම කඩේට යන්නට හරි කැමැත්තක් දක්වන්වා.

Advertisement

දවසක් ටොපී චොකලට් දුන් මේ නරුම මුදලාලි ඔවුන් දෙදෙනාව අපහරණයට ලක් කර තිබෙනවා.

Advertisement

ටොපී චොකලට් දුන් මුදලාලී මාමාගේ හැසිරීම ගැන ඔවුන්ගේ මවුවරුන් දැනුවත් කරද්දී මව්පියන්ගේ දෑස් උඩ යන්නේ ඔවුන්ට වී ඇති කරදරයේ තරම තේරුම් ගත් නිසාවෙන්.

Advertisement

හැකි ඉක්මනින් මේ මුදලාලි ගැන වැලිගම පොලීසිය දැනුවත් කරන්න ඔවුන්ගේ දෙමාපියන් යුහුසුළු වෙද්දී ඒ සමගම ක්‍රියාත්මක වූ වැලිගම පොලීසිය මේ අපරාධකාර මුදලාලිව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරහට හිටී

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන්  විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට  රජය තීරණය කර තිබේ.

Advertisement

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත .

Advertisement

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ  කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

Advertisement

ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම  ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින්  මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට  වතු හිමිකරුගේ අනුමැතිය  අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.

Advertisement

එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින්  විදුලි රැහැන් ඇදීමට  විශාල වන්දි  මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.

Advertisement

එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත  ප්‍රමාද වී තිබේ.

Advertisement

එම නිසා ස්වාධීන  තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල  කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *