හින්දි සිනමාවේ දැවැන්තයෙක් සිය දිවි හානිකරගෙන

7141

හින්දි සිනමාවේ බිහිවූ සුපිරි නිර්මාණ රැසක් හැඩකළ සුපිරි නිර්මාණකරුවෙකු ජීවිතයෙන් සමුගෙන තිබේ.

Advertisement

මෙලෙස මියගොස් ඇත්තේ Nitin Desai නම් ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයාය.

Advertisement

මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවිය.

Advertisement

මුම්බායි හි Karjat හි පිහිටි ඔහුගේ ආයතනයේ තිබී ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Advertisement

එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ Nitin Desai සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවය.

Advertisement

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් ඔහු විසින් කලා අධ්‍යක්ෂණයෙන් හැඩකර තිබීම විශේෂත්වයකි.

Advertisement

ඒ අතර ලෝකයම වැළඳගත් සුපිරි නිර්මාණ ලෙස Hum Dil De Chuke Sanam, Devdas, Jodha Akbar, Lagaan, Once Upon a Time in Mumbai හැඳින්විය හැකිය.

Advertisement

ඔහු සිව් වතාවක් හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි එරට ප්‍රමුඛතම සම්මානයක් වන ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

Advertisement

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔහු ණය අර්බුදයකට ලක්ව සිටි බවය.

Advertisement

මූල්‍ය ආයතනයක් වෙතින් ඔහු ලබාගෙන තිබූ ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න ණය මුදලක් ගෙවා දැමීම සම්බන්ධයෙන් ඔහු 2020 වසරේ සිට පීඩාවට පත්ව සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Advertisement

ගම්මන්පිලගේ 22 සංශෝධනය පාර්ලිමේන්තුවට

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට ඊයේ (02) යොමුකර තිබේ.

Advertisement

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත.

Advertisement

ඒ අනුව සංශෝධනයට අදාළ සිංහල පිටපත, දෙමළ පිටපත, ඉංග්‍රීසි අනුවාදය හා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව යන ලේඛන 04 වැඩබලන මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබේ.

Advertisement

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය,

Advertisement

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

Advertisement

මින් මතුවට 13 වන සංශෝධනය ළෙස හඳුන්වනු ලබන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්

Advertisement

(අ) නව වන උපලේඛනයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 12:1 අයිතමය සමග කියවිය යුතු 154උ(8) ව්‍යවස්ථාව අනුව වැරදි වැලැක්වීම, අනාවරණය කර ගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම ඇතුළු  නීතිය සහ සාමය පිළිබඳ නීති සම්පාදනය සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති නීති වෙනුවට නව නීති හඳුන්වා දීම ද පළාත් සභාවන්ට පවරා ඇති හෙයින් ද

Advertisement

(ආ)   නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 11:1 අයිතමය අනුව පොලිසියේ පළාත්බද අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම පළාතේ ප්‍රධාන ඇමතිවරයාට වගකිවයුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතු හෙයින් ද

Advertisement

(ඇ)   155උ(1)(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 4, 6 සහ 9:1 අයිතමයන් අනුව පළාත් පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නාමයෝජනාවෙන් හෝ එකඟතාවය ඇතිව පත් කළ යුතු බැවින් පොලිසියේ පළාත්බද අංශයේ පොලිස් නිලධාරින් බඳවා ගැනීම, මාරු කිරීම, උසස් කිරීම සහ විනය පාලනය පැවරී ඇති පළාත් පොලිස් කොමිෂන් සභාව දේශපාලනිකරණය වී ඇති හෙයින් ද

Advertisement

(ඈ)   නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 11 අයිතමය අනුව යම් පළාතක සේවය කරන ජාතික අංශයේ පොලිස් නිලධාරින් ඒ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විධානය සහ පාලනය යටතේ කටයුතු කළ යුතු අතර එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පළාතේ ප්‍රධාන ඇමතිවරයාට වගකිවයුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතු හෙයින් ද

Advertisement

(ඉ) නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 12:2, 12:3 සහ 12:4 යන අයිතමයන් සමග කියවිය යුතු 10:1 අයිතමය අනුව යම් පළාතක සේවය කරන ජාතික අංශයේ පොලිස් නිලධාරින් සාමාන්‍යයෙන් සාමාන්‍ය ඇඳුම් ඇඳ සිටිය යුතු අතර ඔවුන්ට නිල ඇඳුම් ඇඳිය හැක්කේ පළාත් ඇතුලත මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයා විසින් ජාතික අංශයේ සහය ඉල්ලා සිටි අවස්ථාවක හෝ පළාත තුල හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක හෝ ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් වරදක් පිළිබඳ විමර්ශනය කරන අවස්ථාවක හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් වරදක් පිළිබඳ විමර්ශනය කළ යුතු යැයි ප්‍රධාන ඇමතිවරයා විමසා නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් විධාන කරන අවස්ථාවක පමණක් වන හෙයින් ද

Advertisement

(ඊ) නවවන උපලේඛණයේ පළමු ලැයිස්තුවේ පළමු පරිශිෂ්ටයේ 12:1 අයිතමය අනුව එහි උපලේඛණයේ දැක්වෙන වැරදි හැර සියළුම වැරදි වැලැක්වීම, අනාවරණය කර ගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ද අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාර නීතිපතිවරයාගේ බලතල වලට යටත්ව ඒ වැරදි පිළිබඳ අදාළ අධිකරණ වල නඩු පැවරීම සම්බන්ධයෙන් ද බලය පළාත් සභාවන්ට පවරා ඇති හෙයින් ද

Advertisement

(උ) නවවන උපලේඛණයේ දෙවන ලැයිස්තුවේ දෙවන අයිතමයේ (ඔ) ඡේදයේ දැක්වෙන සීමා කිරීමට අනුව යම් පළාතකට අයත් පොලිස් හමුදාවක් සතු බලතල වෙනත් පළාත් සභාවකට ව්‍යාප්ත කිරීම කළ හැක්කේ එකී පළාත් සභාවේ කැමැත්ත මත පමණක් හෙයින් ද

Advertisement

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 256 සහ 257 වගන්ති අනුව යම් ප්‍රාන්ත ආණ්ඩුවක් ජනරජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවේ දී ඊට මැදිහත් වීමට ජනරජයට බලතල ලබා දී ඇති අතර දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියානු ව්‍යවස්ථා ව්‍යුහය පදනම් කරගෙන ඇති නමුත් 154ඔ ව්‍යවස්ථාවේ සීමිත විධිවිධාන හැර එවැනි විධිවිධාන ප්‍රමාණවත් අයුරින් ඇතුලත් කර නොමැති හෙයින් ද

Advertisement

නීතිය සහ සාමය සම්බන්ධයෙන් වු පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීම ජනරජයේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන හෙයින් ද

Advertisement

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

Advertisement

1.මෙම පනත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ.

Advertisement

2.මින් මතුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ළෙස හඳුන්වා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

Advertisement

(අ)

Advertisement

i.පළමු ඡේදයේ (ආ) අනුජේදය පරිච්ඡින්න කිරීමෙන් ද

Advertisement

ii.තුන්වන ඡේදයේ (ඇ) උපඡේදයේ “ජාතික අංශයේ සහ පළාත් අංශයේ” යන වචන ඉවත් කර ඒ වෙනුවට “පොලිසියේ” යන වචනය ආදේශ කිරීමෙන් ද

Advertisement

155උ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් ද

Advertisement

(ආ) නවවන උපලේඛනයේ පළමු ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුවේ) පළමු අයිතමය පරිච්ඡින්න කිරීමෙන් ද

Advertisement

(ඇ) නවවන උපලේඛනයේ පළමු ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුවේ) පළමු පරිශිෂ්ටය පරිච්ඡින්න කිරීමෙන් ද

Advertisement

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සංශෝධනය කරනු ලබන්නේය.

Advertisement

3.යම් ව්‍යාකූලත්වයක් ඇති වීම වැලැක්වීම සඳහා

Advertisement

(අ) පොලිසියේ “ජාතික අංශය” සහ “පළාත්බද අංශය” යනුවෙන් නොතිබිය යුතු අතර ඒ අනුව යම් ලිඛිත නීතියක පොලිසියේ “ජාතික අංශය” සහ “පළාත්බද අංශය” යනුවෙන් සඳහන් වන්නේ නම් එයින් ශ්‍රී ලංකා පොලිසිය අදහස් විය යුත්තේය.

Advertisement

(ආ) යම් ලිඛිත නීතියක පළාත් පොලිස් කොමිෂන් සභාව යනුවෙන් සඳහන් වන්නේ නම් එයින් 155අ ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ජාතික පොලිස් කොමිෂන් සභාව අදහස් විය යුත්තේය.

Advertisement

4.  මෙම පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුත්තේය.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *