Latest Articles
Search

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද? – ජාතික ගීය රීමික්ස් කළ උමාරා වෙනුවෙන් උමාරියා පෙරට එයි

507

රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස් පල කරනවා.

Advertisement

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පල කර තිබෙනවා.

Advertisement

ඇය පෙන්වා දෙන්නේ අද රටේ ඊට වඩා විශාල ප්‍රශ්න ඇති බවත් මේ මොහොතේ තම සහෝදරියට සමාජ ජාලවල එල්ලවන චෝදනා සුදුසු නැති බවත්ය.

Advertisement

තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් ගැන දිනා ඇති බවත් ඒ ගැන කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන ඇය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වයත් දේශප්‍රේමීත්වය සහිත හොඳ හදවතක් ඇති බවද කියා සිටිනවා.

Advertisement

LPL ඇරඹුමේදී ජාතික ගීය ගායනා කිරීමේ සිද්ධිය ගැන උමාරා කතා කරයි

2023 LPL තරඟාවලි සමාරම්භක උත්සව අවස්ථාවේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීයේ වචන වැරදි ලෙස උච්චාරණය කිරීම සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් පවතිනවා.

Advertisement

ජාතික ගීයේ එන “නමෝ නමෝ මාතා” යන කොටස උමාරා “නමෝ නමෝ මහතා” යනුවෙන් කිහිප වරක් උච්චාරණය කරනු දැකිය හැකියි.

Advertisement

මේ සමග #Mahatha හෑෂ් ටැගය සමාජ මාධ්‍යවල රැල්ලක් සේ පැතිර යමින් තිබෙනවා.

Advertisement

මේ අතර ජාතික ගීය ගායනා කිරීමට පුහුණුවීම් සඳහා උමාරා සිංහවංශ සහභාගී වූ අවස්ථාවේ වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් උමාරා සිංහවංශ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

Advertisement

 

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *