Latest Articles
Search

බිරිඳ වෙනුවෙන් සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කල ආදරණිය සැමියා

83

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබේ.

Advertisement

කන්සාස් ප්‍රාන්තයේ ජීවත් වන ලී විල්සන් මහතා ඇමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් තම බිරිඳව පුදුම කිරීම සඳහා ත්‍යාගයක් කල්පනාවට නොපැමිණි බවත් තම බිරිඳ බෙහෙවින් සූරියකාන්ත මල් වලට ආශා කිරීම හේතුවෙන් පුත්‍රයාගේ උදව් ඇතුව අක්කර 80 ක් පුරා සූරියකාන්ත වගා කළ බවත්ය.

Advertisement

එළඹෙන අගෝස්තු 10 වැනිදාට යේදී තිබෙන තම විවාහ සංවත්සරය වෙනුවෙන් පසුගිය මැයි මාසයේදී තම පුත්‍රයාගේ සහාය ඇතිව සූරියකාන්ත මල් වගා කිරීම ආරම්භ කළ බවත් මේ වන විට අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් හොඳින් වැඩී තිබෙන බවත් විල්සන් මහතා පවසා ඇත.තමාගේ සහ තම පුත්‍රයාගේ මහන්සිය ඵල දරමින් අක්කරයකට සූරියකාන්ත මල් 15000 ක් පමණ වැඩී තිබෙන බව විල්සන් මහතා පෙන්වා දී තිබේ.

Advertisement

තම බිරිඳ ආශා කරන දෙයක් තම 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ත්‍යාග කිරීමට තරම් තමන් වාසනාවන්ත වූ බවත් ඒ පිළිබඳ සිතට සතුටක් දැනෙන බවත් විල්සන් මහතා පවසා ඇත.

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *