Latest Articles
Search

පාසල් සිසුවියන්ට නොමනා වැඩක් කළ ගුරුවරයාට වෙච්ච දේ

137

පාසල් සිසුවියන්ට අතවර කළ ගුරුවරයා රිමාන්ඩ්

2019 වසරේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ කාන්තා පාසලක 7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ ගුරුවරයෙකු ලබන මස දෙවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව අතිරේක මහෙස්ත්‍රාත් එස්.අන්වර් මහතා අද (31) නියෝග කළේය.

Advertisement

මේ වනවිට විශ්‍රාම ගොස් සිටින 61 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත්ව නොමැත.

Advertisement

මින් පෙර ශිෂ්‍යාවන් සිව්දෙනෙකු සිදුකළ පැමිණිලි මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ, චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදහස ලබා තිබේ.

Advertisement

පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ඔහු ශිෂ්‍යාවන් 29කට ලිංගික අතවර සිදුකර ඇති බවය.

Advertisement

පාසල් දරුවන් අනතුරේ

මේ වසරේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පනස්දහසක් පමණ හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

Advertisement

පාසල් සිසුන් ද මත් වීම සඳහා විවිධ ක්‍රම භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එම මණ්ඩලය අනතුරු අඟවයි.

Advertisement

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට මුළු ලොවටම එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.

Advertisement

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් පිරුණු සමාජයක් කෙසේ වේද යන්න හඳුනාගැනීමට දර්ශන ඕනෑ තරම්ය.

Advertisement

ශ්‍රී ලංකාවට ද මත්ද්‍රව්‍ය දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹුණු පාසල් දරුවන් පිළිබඳ පවා අපට පසුගිය දිනවල වාර්තාවුණි.

Advertisement

පාසල් දරුවන් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් ද ආරක්ෂක අංශ භාරයට ගැනෙන අතර එවැන්නන් සොයා වැටලීම් පුළුල් කර තිබේ.

Advertisement

මෙවන් තත්ත්වයක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණ කරන්නේ මෙවන් තොරතුරකි.

Advertisement

මේ පිළිබඳ අනාවරණය කරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ, සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා,

Advertisement

“මේ මොහොත වෙද්දි සාමාන්‍යයෙන් 50,000ක් පමණ මෙතම්ෆටමයින් භාවිතයේ එහෙම නැත්නම් අයිස් භාවිතයේ අය ඉන්නවා කියලා අපිට පේනවා. ලක්ෂ 30ක් ලංකාවේ දුම්කොළ ආශ්‍රිතව භාවිතය තියෙනවා. පාසල් පද්ධතියේ හුඟාක් වෙලාවට දක්නට ලැබෙන්නේ දරුවන් දුම්කොළ ගෙදරම හදාගෙන මත්වීමට හුරුවීමක් ඒ තුළ දක්නට ලැබෙනවා.”

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *